හොරණ මිල්ලනිය ප්‍රදේශයේ පැතිරයමින් පවතින ජලභීතිකා රෝග තත්වය පාලනය කිරීම සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගෙන ඇත.
ඒ අනුව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම, ගෘහාශ්‍රිත සතුන් එන්නත් කිරීම, ජලභීතිකා රෝගීව මියගියායැයි සැක සහිත සතුන්ගේ නිදර්ශක පර්යේෂණාගාර වෙත යැවීම සඳහා ක්‍රියා කිරීම, ජලභීතිකා රෝගයෙන් අසනීප වන සතුන් නිරීක්ෂණය වුවහොත් එම සතුන් එම ස්ථාන වලින් ඉවත් කිරීමට සූදානම්ව රාජකාරී කිරීම, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 1992 හදිසි ඇමතුම් සේවාව මෙම රෝගී තත්වය සම්බන්ධව තොරතුරු හුවමාරුව සඳහා යොදා ගැනීම ආදිය කටයුතු සිදු කරන බව වනජිවී අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දන්වා ඇත.
තවද මෙම සියලුම කාර්යයන් සෞඛ්‍ය අමාත්‍යාංශය‚ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව‚ ශ්‍රී ලංකා පොලිසිය‚ ප්‍රදේශයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඇතුලු වෙනත් අදාල රාජ්‍ය ආයතන සමග අඛණ්ඩව සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් ක්‍රියාත්මක කරන බවද මෙයින් නිවේදනය කරමි.
එම්.කේ.බන්දුල හරිස්චන්ද්‍ර
ලේකම්
වනජිවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය