ජීවිතයේ කිසිදු දිනෙක නොදුටු සිය පියා හමුවීමටත්, වසර ගණනාවක් නොදුටු පියා සමගින් කතා බස් කිරීමටත් ලෝක ළමා දිනය දා නේවාසික රැදවියන්ගේ දරුවන්ට අවස්ථාව සලසා දීම මෙම ළමා දින සැමරුමේ මූලිකම අරමුණයි.
රැදවියන්ගේ දරුවන්ට ඔවුන් ඉදිරිපිට විනෝද වීම සදහා අවස්ථාව සලසාදීමත් දරුවන් සමගින් සංගීතය රසවිදීමටත් අවස්ථාව සැලසෙන අතර රැදවියන් අතින් සිය දරුවන්ට ත්‍යාග ලබාදීමටද අවස්ථාව සලසාදීමට කටයුතු සංවිධානය කර ඇත. එදින වැඩසටහන සදහා සංගීතය සපයනු ලබන්නේ රැදවියන්ගෙන්ම සැදුම්ලත් සංගීත කණ්ඩායමක් වීම විශේෂත්වයකි.
සිය දඩුවම් කාලය තුළදී මහන්සියෙන් උපයාගත් මුදල් ඔවුන්ගේ කැමැත්ත මත සිය පවුල් වෙත ලබාදීමටද රැදවියන්ගේ සමීපතමයන් විසින් සිය නිවසින් සකසා ගත් ආහාර රැදවියන්ට ලබාදීමටද අවස්ථාව සලසා ඇති අතර ඇවන්ට්ගාඩ් සමූහ ව්‍යාපාරය හා බන්ධනාගාර දෙපාර්තමේන්තුව එක්ව සිදුකරගෙන යනු ලබන රැදවියන් රැකියා නියුක්තිකයන් කර සමාජගත කිරීමේ ව්‍යාපෘතියට එක්ව සිටින රැදවියන්ට බැංකු ගිණුම් විවෘත කර බැංකු පොත් සංකේතාත්මකව ඔවුන් වෙත ලබාදීම රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අතින් සිදුකිරීමටද නියමිතය.
මේ සදහා අනුග්‍රහය දායකත්වය දක්වන්නේ ඇවන්ට්ගාඩ් සමූහ ව්‍යාපාරයේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා විසිනි.