නොවැම්බර් 01, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තිළිණපත් වෙනුවට පාසල් සිසුන් සඳහා නිල ඇඳුම් රෙදි ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කරයි

    සැප්තැම්බර් 29, 2020

    පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කිරීමේදී පදිංචිය සනාථ කිරීම සඳහා ඔප්පුව ඉදිරිපත් කිරීම ඉදිරියේදී වෙනස් වේ.

     

    මෙතෙක් කල් පාසල් සඳහා ලබා දුන් නිල ඇඳුම් වව්චර්පත අහෝසි වී ලබන වසරේ සිට පාසල් නිල ඇඳුම් සඳහා දේශීයව නිෂ්පාදනය කළ රෙදි ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ඒ අනුව පාසල් නිල ඇඳුම් රෙදි සැපයීමට අදාළව අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගෙන, අවශ්‍ය මුළු නිල ඇඳුම් රෙදි ප්‍රමාණයම දේශීය නිෂ්පාදකයින් වෙතින් මිල දී ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

     

    මේ පිළිබඳව අදහස් දක්වමින් අද(29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ, දේශීයව නිෂ්පාදනය කළ රෙදි කාණ්ඩ 06ක් යටතේ දරුවන්ට ලබා දෙන බවයි. එමගින් රෙදි පිළි විශාල වශයෙන් ඉතිරි කර ගත හැකි බව පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම වැඩපිළිවෙළ ඔස්සේ ස්වයං රැකියාවක් ලෙස රෙදි මසන්නන්ටද අදායමක් උපයා ගත හැකි බව සඳහන් කළේය. මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමේදී ඇතැම් විට සති දෙක තුනක ප්‍රමාදයක් ඇති විය හැකි බව‍ පැවසූ අමාත්‍යවරයා ලබන වසරේ සිට අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් නිල ඇඳුම් ලබා දීම සිදු වන බව පැවසීය.

    පාසල් වල පළමු ශ්‍රේණියට ළමුන් ඇතුලත් කිරීමේදී පදිංචිය සනාථ කිරීම සඳහා ඔප්පුව ඉදිරිපත් කිරීම දෙමාපියන්ට විශාල ගැටළුවක් බවට පත්ව ඇති බව පැවසූ අමාත්‍යවරයා ඉදිරියේදී ඡන්ද නාම ලේඛනයේ දිගින් දිගටම වසර 05ක් පදිංචි වී සිටී නම් ඔවුන්ට එම ලිපිනයේ පදිංචිකරුවන් ලෙස සළකන බවත් මේ සඳහා අවශ්‍ය චක්‍රලේඛන ඉදිරියේදී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් පැහැදිළි කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya