මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යුද්ධ හමුදාව විසින් සිදුකළ වැටලීමකදී තවත් කහ තොගයක් අත්අඩංගුවට ගනී

    සැප්තැම්බර් 26, 2020

    54 වන සේනාංකය යටතේ ස්ථාපිත 7 වන විජයබාහු පාබල රෙජිමේන්තු භටපිරිස් විසින් (25) දින උදැසන මන්නාරම පාලම අසල මාර්ග බාධකයේදී සිදුකළ සෝදිසි මෙහෙයුමකදී කහ තොගයක් සමඟ ජාවාරමේ නියැලුණු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.

     

    මැදවච්චිය - මන්නාරම මාර්ගයේ මන්නාරම පාලම අසලදී 54 වන සේනාංකය යටතේ ස්ථාපිත 7 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ටොයෝටා ඩයනා ලොරියක් පරීක්‍ෂාවට ලක් කිරිමෙන් පසු එහි තිබි රුපයල් 360,000 / = ක් වටිනාකමකින් යුත් නීත්‍යානුකූල නොවන ලෙස ජාවාරම් කිරිමට සුදානම් කොට ප්‍රවාහනය කරනු ලබන කහ තොගයක් සොයා සොයාගන්නා ලදී.

     

    මත්ද්‍රව්‍ය, මත්කුඩු සහ ජාවාරම් කරුවන්ගේ ක්‍රියාවන් මැඩපැවැත්වීම සඳහා රජය විසින් ගෙනයනු ලබන වැඩපිළිවෙල සඳහා ත්‍රිවිධ හමුදා විසින් පසුගිය දින කිහිපය තුළ මන්නාරම ඇතුළු විවිධ ස්ථානයන්හී සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය සහ කහ ඇතුළු ද්‍රව්‍ය රැසක් සොයාගෙන තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර පරීකෂණ සිදු කරනු ලබයි.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya