මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවයේ පරිපාලනමය වශයෙන් දේශපාලන පළිගැනීමට ලක් වූ සේවකයින්ට සහන සලකා බැලීමේ කමිටුව රාජකාරී අරඹයි

    සැප්තැම්බර් 25, 2020

    2015-2019 කාලයේ රාජ්‍ය සේවයේ සිදු වූ දේශපාලන පළිගැනීම් සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ සභාපතීත්වයෙන් යුතුව පසුගිය දා ඉහත කමිටුව පත් කෙරිණි.

    මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස පී.ඒ.එම්.මහින්ද සෙනෙවිරත්න මහතා(විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්), ආරියරත්න ආරිය්පපපෙරුම මහතා(විශ්‍රාමික අතිරේක අධ්‍යක්ෂ ජනරාල්), නීතිඥ චතුරිකා විජේසිංහ මහත්මිය (කමිටුවේ කැඳවුම්කරු හා ලේකම්) යන අය කටයුතු කරති.


    බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පරිශ්‍ර අංක 02හි, කාමර අංක 123 හි දී ප්‍රවාහන අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුව වෙත ලැබුණු පැමිණිලි පරීක්ෂා කර බැලීම ආරම්භ කෙරිණ.


    රාජ්‍ය සේවයේ දේශපාලන පළිගැනීම් සොයා බලන කමිටුවට, මේ වන විට ඉදිරිපත්ව ඇති අභියාචනා ප්‍රමාණය 6952 කි. ඉන් අභියාචනා 2365ක් කමිටුව වෙත සෘජුවම ලැබී තිබේ.
    මේ සම්බන්ධයෙන් දුරකථන අංක 0112691550, 0112691551 හා ෆැක්ස් අංක 0112691552 යන අංක යටතේ වැඩි දුර තොරතුරු විමසීම් කළ හැකිය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya