අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කළපු සහ ජල පෝෂක ප්‍රදේශවල ජලජීවී වගා සංවර්ධනයට නෝර්වේ සහාය

    සැප්තැම්බර් 25, 2020

    උතුරු නැගෙනහිර ඇතුළු රටපුරා ඇති කළපු සහ ඒ අවට ජල පෝෂක ප්‍රදේශ වල ජලජීවී වගා සංවර්ධනය හා මිරිදිය මසුන් ඇති කිරීම පිළිබදව නොර්වේ රජයේ සහාය ලබාදීමට කටයුතු කරන බව නෝර්වේ තානාපතිනි රයින්ජොනාලි ඇස්කෙන්ඩල් මහත්මිය ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා හමුවේ පවසයි.

    ධීවර අමාත්‍යාංශයේදී නොර්වේ තානාපතිනිය හා ධිවර කටයුතු කැබිනට් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අතර 23 වන දින පැවති සාකච්ඡාවේදී නෝර්වේ සහාය ලබාගැනීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා කළඉල්ලීමට පිළිතුරු වශයෙන් නෝර්වේ තානාපතිනිය මෙසේ ප්‍රකාශ කළාය.

    මෙහිදී  අදහස් දැක්වු අමාත්‍යවරයා පසුගිය කාලයේ නොර්වේ රජයේ ආරාධනයෙන් එරට සංචාරයක නිරත වු ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කණ්ඩායම් නියෝජිතයන් සමග තමන්ද සහභාගී වු බවත් ජලජීවී වගාව නවීන තාක්ෂණ ක්‍රම යොදාගෙන ඒ රටේ ක්‍රියාත්මක කරන බව තමන්ට එහිදී දැකගැනීමට ලැබුනු බවත් ඒ පිළිබදව තමාගේ විශේෂ අවධානය ඒ සදහා යොමු වු බවත් නොර්වේ තානාපතිනියට ප්‍රකාශ කළේය.

    තවද උතුරු නැගෙනහිර පළාත් ඇතුළු ලංකාව පුරා ප්‍රධාන ජල පෝෂක කළපු 92ක් තිබෙන බවත් නොර්වේ රජය මේ පිළිබදව අවධානයට ගෙන ආර්ථික හා නවීන තාක්ෂණික අත්දැකීම් ශ්‍රී ලංකාවට ලබා දී මෙම කළපු සංවර්ධනය කිරීමට උදව් උපකාර ලබා දෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    මෙම ඉල්ලීම් වලට යහපත් ප්‍රතිචාරයක් ලබා දුන් නොර්වේ තානාපතිනිය පසුගිය අවුරුදු 06ක කාලය තුලදී විශාල ඇමරිකන් ඩොලර් ප්‍රමාණයක් ලංකාවේ ධීවර කටයුතු සංවර්ධන ව්‍යාපෘති වලට නෝර්වේ රජය ලබා දී ඇති බවත් අනාගතයේදී අමාත්‍යවරයාගේ ඉල්ලීම අනුව ලබා දෙන ආධාර ප්‍රමාණය වැඩි කිරීමට සුදානමින් සිටින බවත් පැවසුවාය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya