අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉදිරියේදී නියමාකාරයෙන් ව්‍යවස්ථාවක් සම්මත කරගෙන ජනතාවගේ බලාපොරොත්තු ඉටුකරනවා- අමාත්‍ය ප්‍රසන්න රණතුංග

    සැප්තැම්බර් 24, 2020

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි ජනතාව විශ්වාසය තබමින් 2/3 බලයක් ලබා දී ඇති බවත් ඉදිරියේදී නියමාකාරයෙන් ව්‍යවස්ථාවක් සම්මත කරගෙන ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට කටයුතු කරන බවද සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා (23) පාර්ලිමේන්තුවේ දී සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයේ දී පැවසීය.

    ස්වාධීන කොමිෂන් සභා වලට සහය ලබා දෙන බවත් එම ආයතන ස්වාධීන වෙමින් තම කටයුතු කරන්නේ නම් ජනතාවගේ විරෝධයක් ඒ සඳහා එල්ල වෙන්නේ නැති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. පසුගිය මහමැතිවරණ සමයේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා විනිවිදභාවයකින් කටයුතු කිරීමට හැදුවත් එහි සාමාජිකයින් ඔවුන්ගේ පක්ෂග්‍රාහී බව පෙන් වූ බව අමාත්‍යවරයා පැවසීය.

    කොමිෂන් සභාවල ඇතැම් සාමාජිකයන් කටයුතු කළේ දේශපාලන අරමුණු ඉටුකර ගැනීම වෙනුවෙන් බවත් එබැවින් මෙම කොමිෂන් සභා කෙරෙහි පැවති විශ්වාසය කඩ වූ බවත් පෙන්වා දුන්නේය.

     මෙම රට ආරාජික රටක් කළ මෙම ව්‍යවස්ථාව වෙනස් කළ යුතු යැයි පසුගිය මැතිවරණයේදී පොරොන්දු වූ බවත් එම පොරොන්දුව රජය ඉටු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya