අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නවෝත්පාදන අංශයෙන් ඉහළ රටක් බිහි කරනවා- ජනපති කියයි

    සැප්තැම්බර් 23, 2020

    Ø උසස් අධ්‍යාපන පනත සංශෝධනයට පියවර ...

    Ø නවෝත්පාදන එකම ආයතනයක් යටතට ...

    නවෝත්පාදන අංශයෙන් ලොව ඉහළින්ම සිටින රටක් බිහි කිරීමට පරිසරය නිර්මාණය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

    දේශීය සහ ලෝක වෙළෙඳපොළේ ඇති ඉල්ලුමට සරිලන පරිදි අන්තර්ජාතික ප්‍රමිතියෙන් යුත් “සුහුරු තාක්ෂණවේදීන් ” ( Smart Technocrats) නිර්මාණය කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවක් බව එතුමා පෙන්වා දෙයි.

    සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ හෝ සමත්, අසමත් සියලු දෙනාටම තාක්ෂණවේදය සහ වෘත්තීය අධ්‍යාපනය දීමේ වැඩපිළිවෙළ කෙටි කාලයකදී ආරඹීමේ ඇති අවශ්‍යතාව රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළේය.

    නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව (22) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

    ආර්ථිකයට ගැළපෙන අයුරින් තරුණ පරපුර අධ්‍යාපනයට යොමු කිරීමේ වැදගත්කම පැහැදිළි කළ ජනාධිපතිතුමා කලා විෂයන්, හැදෑරූ සිසුන්ට තොරතුරු තාක්ෂණය, හෙද සහ කළමනාකරණය ඇතුළු ක්ෂේත්‍ර රැසකින් හැකියාවන් වර්ධනය කර ගත හැකි යැයි සඳහන් කළේය.

    පර්යේෂණ දිරි ගැන්වීමට රජයක් ලෙස සෑම සහයක්ම දෙන බව ජනාධිපතිතුමා පැවසීය. නවෝත්පාදන ක්‍රියාවලියට සහයවීමට උපදෙස් හා සේවාවන් සැපයීම එකම ආයතනයක් යටතට ගෙන එන බව රාජ්‍ය ඇමතිණි වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය සඳහන් කළාය. ග්‍රහලෝකාගාරය වත්මනට ගැළපෙන අයුරින් නවීකරණයටත්, නැණෝ තාක්ෂන ආයතනය (SLINTEC) සහ බයෝ තාක්ෂණ උද්‍යානය (Bio Tec Park) එකම පරිශ්‍රයක ස්ථාපනයටත් පියවර ගැනීමේ අවශ්‍යතාව සීතා අරඹේපොළ මහත්මිය විසින් සාකච්ඡාවට ලක් කෙරණි.

    ජාතික මුලික අධ්‍යයන ආයතනය (NIFS) සහ නැනෝ තාක්ෂන ආයතනය ඒකාබද්ධව පර්යේෂණ සහ නව නිපැයුම් සදහා යොමුවීමේ වැදගත්කම ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

    විශ්ව විද්‍යාල, වෘත්තීය අධ්‍යාපන ආයතන සහ කාර්මික විද්‍යාලවල පාඨමාලා සහ විෂය නිර්දේශ නූතයට ගැළපෙන පරිදි හඳුන්වාදීමට කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණ.

    උසස් අධ්‍යාපන පනත සංශෝධනයෙන් ආයතනික සහ විෂය නිර්දේශ සම්බන්ධයෙන් පවතින ගැටළු රැසකට විසඳුම් දිය හැකි යැයි විශේෂඥයෝ පෙන්වා දුන්හ.

    තාක්ෂණ විෂයන්ට අදාළ ආචාර්යවරු සහ උපදේශකවරු බඳවා ගැනීමේ දී පහළ මට්ටමක පවතින වැටුප් පරිමාවන් දැඩි සේ බලපා ඇතැයි ආයතන ප්‍රධානීහු කියා සිටිති.

    සාගර ආර්ථිකයේ ඵල අත්කර ගැනීමට ධීවර ප්‍රජාව අතරට ගොස් තාක්ෂණික දැනුම සහ පුහුණුව දීමට සාගර විශ්ව විද්‍යාලය කටයුතු කළ යුතු බව ආර්ථික පුනර්ජීවනය පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

    ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු, රේඛීය ආයතනවල ප්‍රධානීහු සහ විද්වත්හු සාකච්ඡාවට එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya