අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මීගමුව කිඹුලපිටිය ඔය පිටාර ගැලීමෙන් පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීමට පියවර

    සැප්තැම්බර් 23, 2020

    වර්ෂාව පවතින කාලයේ මීගමුව කිඹුලපිටිය ඔය පිටාර ගැලීමෙන් ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 06ක් ජලයෙන් යටවීම සිදුවන අතර එම නිසාම නිරන්තරයෙන් පීඩාවට පත්වන ජනතාව ඉන් මුදවා ගැනීම සදහා ඉක්මන් පියවරක් ගන්නැයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය බලධාරීන්ට නියෝග කළාය.

    ඉකුත්දා මීගමුව කිඹුලපිටිය ඔය පිටාර ගලන ආකාරය නිරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව ඇය මෙසේ නියෝග කළාය.

    කිඹුලපිටිය, කටියල සීමාව, වැරැල්ලවත්ත, ලැම්බ්‍රොක්වත්ත අංක 1, ලැම්බ්‍රොක්වත්ත අංක 2, පන්සල ඉදිරිපිට අළුත්වත්ත යන ග්‍රාමසේවා වසම් 06 මෙසේ ජලයෙන් යටවීම සම්බන්ධයෙන් ආපදාකළමනාකරණ
    නිලධාරීන්, ගොවිජන සේවා නියෝජිතයින්, ගම්පහ වාරිමාර්ග නියෝජිතයින් සහ පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජිතයින් පසුගියදා කටාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී හමුවෙමින් ඔවුන්ගේ කඩිනම් අවධානය ඒ සදහා යොමුකරවීමටද රාජ්‍ය අමාත්‍යවරිය කටයුතු කළාය.

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya