අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලි පාරිභෝගික පැමිණිලි කඩිනමින් විසදීමට ජංගම සහන සේවයක්

    සැප්තැම්බර් 22, 2020

    ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, ලංකා විදුලිබල මණ්ඩලය හා ලෙකො (ලංකා විදුලි පුද්ගලික සමාගම) එක්ව දිවයින පුරා විදුලි පාරිභෝගික ජංගම සහන සේවයක් ක්‍රියාවට නගන ලදී. විදුලි පාරිභෝගික පැමිණිලි එදිනම විසදීම අරමුණු කරගත් මෙම ජංගම සහන සේවය සියළුම පලාත් ආවරණය පරිදි ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇත.


    මෙම ජංගම සේවයේ ප්‍රථම අදියර දකුණු පළාතේ විදුලි පාරිභෝගිකයින් වෙනුවෙන් පසුගියදා ගාල්ලේදී පැවත්විණි. මෙහිදී විදුලි පාරිභෝගික පැමිණිලි 500ක් විසදීම සදහා පියවර ගැනිණි.

    ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ, ලංකා විදුලි බල මණ්ඩලයේ, ලෙකෝ සමාගමේ නිලධාරීන් හා දකුණු පළාතේ ප්‍රාදේශීය ලේකම්වරුද මෙම ජංගම සහන සේවයට එක් විය.

    ‘රාජ්‍ය සේවකයින් මහජනතාව වෙත ගොස් ඔවුන්ට සේවය කළ යුතු බව ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ සංකල්පයකි. එබැවින්, මෙම සේවාව ලබාගෙන ඔබට ඇති ගැටළු වලට විසඳුම් ලබා ගන්නා ලෙස මම මහජනතාවට ආරාධනා කරමි.’ ගාල්ල දිස්ත්‍රික් ලේකම් , සෝමරත්න විදානපතිරණ මහතා, 2020 සැප්තැම්බර් 17 වන දින,දකුණු පළාතේ ජංගම සේවා සමාරම්භක  උත්සව අවස්ථාවට එක්වෙමින් පැවසීය.

    2020 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත විදුලි පැමිණිලි 865 ක් ලැබී ඇති අතර එය 2019 එම කාලය සඳහා ලැබී ඇති විදුලි පැමිණිලි 1382 ට සාපේක්‍ෂව ය. 2020 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා විදුලි පැමිණිලි 1244 ක් සඳහා පහසුකම් සැපයීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සමත් වී ඇත. පැමිණිලි වලින් බහුතරයක් වූයේ මාර්ග අවසර , බිල්පත්, නව සම්බන්ධතා, මීටර සම්බන්ධ හා විදුලි ගුණාත්මකභාවය සම්බන්ධ ගැටළු ය.

    මීළග විදුලි පාරිභෝගික ජංගම සහන සේවය අනුරාධපුර හා පොළොන්නරු දිස්ත්‍රික්වලදී පැවත්වෙනු ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya