අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වන අලි ප්‍රශ්නයට වහාම විසදුම් දෙන්න- කුරුණෑගල වනජීවී නිලධාරින්ට ඇමති ජොන්ස්ටන්ගෙන් උපදෙස්

    සැප්තැම්බර් 18, 2020

    වන අලි ගම්වැදීම වැලැක්වීම සදහා ජෛව වැටක් ඉදිකිරීම හා විදුලි වැට දීර්ඝ කිරීමට කටයුතු කරන ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පසුගියදා කුරුණෑගල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදි නිලධාරින්ට උපදෙස් ලබා දෙන ලදි.

    පසුගිය මාස දෙකක කාලයක සිට වන අලින්ගේ ප්‍රහාර හේතුවෙන් තිදෙනෙක් නිකවැරටිය, පොල්පිතිගම ආශ්‍රිතව මිය ගොස් ඇති අතර තවත් වන අලි 300ක් පමණ නිකවැරටිය, කොටවෙහෙර සියඹලන්ගමුව, රාජාංගනය, පොල්පිතිගම ආදි ගම්මානවලට පැමිණ වගාබිම් හා නිවාස වලට දැඩි හානි කර ඇත. මෙහිදී වන අලි එක් ගම්මානයක පොල්ගස් 1000ක් පමණද විනාශ කර ඇත. ජනතාව මෙහිදී වන අලින්ගෙන් එල්ලවන තර්ජනයට කඩිනමින් විසදුම් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා ඇත.

     

    විදුලි වැට දීර්ඝ කිරිම, අගල් කැපීම හා විශේෂයෙන්ම දෙහි වැනි ශාඛ යොදාගෙන ජෛව වැටක් ඉදිකිරිමට මෙහිදී සාකච්ඡා කරන ලදි. එමෙන්ම වන අලි ගම්වැදීමට හේතු වී ඇත්තේ සියඹලන්ගමුව ඉඟිනිමිටිය ජලාශ ආශ්‍රිතව අනවසර වගාවන් කිරිමත් එම නිසා වන අලින්ට ආහාර හා ජලය නොමැතිකමත් හා එම අනවසර වගාකරුවන් අලින්ට වෙඩි තැබීම හා හිංසා කරන බවත්ය. වහාම එම අනවසර වගාකරුවන් පිළිබදව කඩිනමින් තීරණයක් ගෙන ඒ පිළිබදව සොයා බලන ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට දැනුම් දෙන ලදී. තවද අනවසරයෙන් කැලෑ එළිකරන පුද්ගලයින් සොයා බලා ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන ලෙසද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන ලදී.

     

    එමෙන්ම ජනතාවගේ ආරක්ෂාව පිළිබදව ප්‍රමුඛස්ථානය ලබා දෙමින් වන අලි තර්ජනයෙන් ජනතාව මුදවා ගැනීමට කඩිනමින් හා ස්ථිර විසුම් ලබා දීමට ක්‍රියාමාර්ග ගන්නා ලෙසද අමාත්‍යවරයා නිලධාරින්ට වැඩිදුරටත් උපදෙස් ලබා දෙන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya