අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අරුවක්කාලු සනීපාරක්ෂක කසළ රඳවනය සහිත ප්‍රදේශය පරීක්ෂා කෙරේ

    සැප්තැම්බර් 15, 2020

    කසළ යනු අපතේ හැරිය යුතු දෙයක් නොවන බවත් එයින් විකල්ප බලශක්තිය පොහොර සහ තවත් භාවිතයට ගතහැකි නිෂ්පාදනයක් සිදුකළ හැකි සම්පතක් වන බවත් ඒසේ ප්‍රයෝජනයට ගෙන ඉතිරි වන අපද්‍රව්‍ය පමණක් විද්‍යාත්මක ක්‍රමවේදය අනුව සැකසූ සනීපාරක්ෂක කසළ රඳවන රඳවනයක බහාලීම සිදුකළ යුතු බව නාගරික සංවර්ධන,වෙරළ සංරක්ෂණ,අපද්‍රව්‍ය බැහැරලීමේ හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.

    ඇමතිවරයා මේ බව පැවසුවේ, ඉදිවෙමින් පවතින අරුවක්කාරු සනීපාරක්ෂක කසළ රඳවනය සහිත ප්‍රදේශය පරීක්ෂා කිරීමේ චාරිකාවක ඊයේ (14) දිනයේ දී නිරත වෙමිනි.

    වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, එවකට නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කරන සමයේ එතුමන්ගේ දැක්මකට අනුව කොළඹ සහ නගරාශ්‍රිත කසළ කළමණාකරණය වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරුණි.

    දෛනිකව කොළඹ නගරයේ සහ ඒ ආශ්‍රිත නගර වල එකතු වන කසළ කැළණිය ප්‍රදේශයේ අංගනයක් තුළ විවිධාංගීකරණයට ලක්කොට දුම්රිය බහාලුම් මගින් රැගෙන ගොස් පුත්තලම් දිස්ත්‍රික්කයේ පිහිටි අරුවක්කාලු සනීපාරක්ෂක කසළ රඳවනයේ බහාලීමට නියමිතය.

    මේ සියළු කටයුතු සිදු කරනු ලබන්නේ පරිසර හිතකාමීව ජනතාවට කිසිඳු ආකාරයක අපහසුතාවයක් ඇති නොවන පරිද්දෙන් බව අමාත්‍යවරයා විශේෂයෙන් අවධාරණය කළේ ය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya