ඔක්තෝබර් 24, 2020
tami eng youtube  twitter facebook

    රජයේ රැකියාම නොඉල්ලා අතට මුදල් ලැබෙන කෘෂි හෝ කර්මාන්ත ව්‍යවසායකයින් වීමට තරුණ පරපුරේ ආකල්ප වෙනස් විය යුතුයි - අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

    සැප්තැම්බර් 12, 2020

    මෙරට තුළ පැහැදිළි වෙනසක් සිදු කිරීමට ජනතාව තුනෙන් දෙකේ බලයක් පොදුජන පෙරමුණට ලබා දුන් අතර එකී ජනතාව අපේක්ෂිත වෙනස දැන් ආරම්භ වී ඇති බවත්, කෘෂිකර්මාන්තයෙන් යැපෙන ජනයා ආරක්ෂා කර ගැනීමේ අභිලාෂයෙන් කෘෂි නිෂ්පාදන ආනයනය තහනම් කිරීමට කටයුතු කළ බවත්, එකී වෙනසට රටේ සෑම තැනකම වගේම ජනතාවත් එක් විය යුතු බවත් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පසුගිය දා බදුල්ල කැපිටල් සිටී හි පැවති ඌව අභිමානී 2019 - ඌව පළාත් ව්‍යවසාය සම්මාන උළෙලේ දී ප්‍රකාශ කර සිටියේය.

    එමෙන්ම, වතු සමාගම් වල ප්‍රයෝජනයට නොගන්නා වල් බිහි වූ ඉඩම් විශාල ප්‍රමාණයක් තිබෙන බවත්, ගම් සහ වතු වල රැකී රක්ෂා නොමැති තරුණයින් විශාල පිරිසක් සිටින බවත් එහි දී සඳහන් කළ අමාත්‍යවරයා එකී ඉඩම් රැකියා විරහිත පිරිසට තේ වගාව සඳහා බෙදා දිය යුතු බවත්, එමඟින් තේ නිෂ්පාදනය විශාල ප්‍රතිශයතයකින් ඉහළ යනු ඇතැයි ද, එමඟින් ජාතික අදායම ඉහළ නංවා ගැනීමටත්, මිනිසුන්ගේ ආර්ථික තත්ත්වය වර්ධනයටත් එමඟින් හැකි බවත් ප්‍රකාශ කරන ලදුව මේ සම්බන්ධව වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත ද මෙකි යෝජනාව ඉදිරිපත් කර ඇති බව ද සදහන් කර සිටියේය.

    එපමණක් නොව නිළධාරීන් ද තම තමන්ගේ වැඩ කිරීමේ කලාව වෙනස් කර ගත යුතු වනවා පමණක් නොව රජයේ රැකියාම ඉල්ලන මානසිකත්වයෙන් ඉවත් වී අතට මුදල් ලැබෙන කෘෂි හෝ කර්මාන්ත ව්‍යවසායකයෙක් වීමට අපේ රටේ තරුණ පරපුරේ ආකල්ප වෙනස් විය යුතු බවත් අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

    2019 වසරේ ඌව විශිෂ්ටතම තරුණ ව්‍යවසායකයාට හිමි සම්මානය 98 Acres සභාපති ප්‍රමෝද් රංග අබේරත්න මහතා හට නිමල් සිරිපාල ද සිල්වා මහතා අතින් පිරිනැමිණු අතර මෙහි දී ක්ෂේත්‍ර රැසක නියුතු ව්‍යවසායකයින් 48 කට ද ව්‍යවසාය සම්මාන පිරිනැමිණි.

    මෙම අවස්ථාවට ඌව වාණිජ මණ්ඩලයේ සභාපති නිමල් දාබරේ ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් සහභාගී වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya