මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සහනදායි පදනම මත මෝටර් රථ බලපත්‍ර මගින් දේශීයව වාහන මිලදී ගැනීමේ පහසුකම් සැපයීමේ යෝජනා ක්‍රමය

    අගෝස්තු 28, 2020

    සහනදායී මෝටර් රථ බලපත්‍ර හිමි නිලධාරීන්ට තම අභිමතය පරිදි තමන් සතු බලපත්‍ර භාවිත කර ශ්‍රී ලංකාව තුල ඇති ලියාපදිංචි නොකල මෝටර් රථ/කැබ් රථ සහනදායී මෝටර් රථ බලපත්‍රයේ සඳහන් බදු සහනය හා සමාන මුදලක් අඩු කරනු ලැබූ වෙළඳපල මිලකට ලබා ගැනීමට හැකි වන පරිදි අංක 01/2020 දරන 2020.08.28 දිනැති වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රලේඛය මුදල් අමාත්‍යාංශ වෙබ් පිටුවේ පළකර ඇත.


    එහි සඳහන විධිවිධාන අනුව වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති චක්‍රලේඛ අංක 01/2018 (සංශෝධිත) සහ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 22/99 (සංශෝධිත) යටතේ නිකුත් කර මෙතෙක් භාවිත කර නොමැති සහනදායී මෝටර් රථ බලපත්‍ර, බලය ලත් වාහන අලෙවි නියෝජිතයෙකු / ශ්‍රී ලංකාව තුල ලියාපදිංචි වී ඇති වාහන ආනයනකරුවෙකු වෙත ලබා දී එම බලපත්‍රයේ සඳහන් බදු සහනය හා සමාන වටිනාකමක් අඩු කල වෙළඳපල මිලකට මෙරට තුල ඇති ලියාපදිංචි නොකල මෝටර් රථයක් මිලදී ගැනීමට හැකියාව පවතී.


    ඉහත පරිදි සහනදායී මෝටර් රථ බලපත්‍ර තම භාරයට ගෙන බදු සහනයට සමාන මිලක් අඩු කල වෙළඳපල මිලකට මෝටර් රථ අලෙවි කරනු ලබන බලය ලත් වාහන අලෙවි නියෝජිතයන් / ශ්‍රී ලංකාව තුල ලියාපදිංචි වී ඇති වාහන ආනයනකරුවන් විසින් ඉදිරියේදී මෝටර් රථ ආනයනය කිරීමේදී අදාල බලපත්‍රයේ සඳහන් බදු සහනය ලබා දීමට මුදල් අමාත්‍යාංශය විසින් කටයුතු කරනු ඇත.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya