මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලිය විසන්ධිවීම පුද්ගල අත්වැරදීමක් නිසා සිදුවූ දෙයක්-කමිටුවේ සභාපති බලශක්ති අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම් කේ. එච්. ඩී. කේ. සමරකෝන්

    අගෝස්තු 28, 2020

    පසුගිය 17 වැනිදා සමස්ත දිවයිනේ විදුලිය විසන්ධිවීම කිසිදු බලාගාරයක උපකරණමය දෝෂයක් නොව පුද්ගල අත්වැරදීමක් නිසා සිදුවූ දෙයක් බව මේ වන විට තමන් යම් නිගමනයකට එළඹ සිටින බව විදුලි විසන්ධිවීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ අතුරු වාර්තාව මගින් හෙළිදරව් කරයි.

    විදුලි විසන්ධිවීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ අතුරු වාර්තාව සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද(28) පැවති මාධ්‍ය හමුවේදී එම කමිටුවේ සභාපති බලශක්ති අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම් මෙන්ම කමිටුවේ සභාපති කේ. එච්. ඩී. කේ. සමරකෝන් මහතා මේ බව පැවසීය.

    එහිදී මෙම බිඳවැටීම කෙරවලපිටිය ග්‍රිඩ් උපපොළේ යම් යාන්ත්‍රික නඩත්තුවක් සිදු කිරීමේදී එම ග්‍රිඩ් උපපොළ භාරව සිටි විදුලි අධිකාරිවරයා අනුගමනය කළ ක්‍රමවේදය තුළ සිදුවූ දෝෂ සහගත බව හේතුවෙන් සිදුවූවක් බව කමිටු වාර්තාව මගින් පෙන්වා දී ඇත.

    එමෙන්ම වැඩිදුරටත් මෙම කමිටුවේ අතුරු වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ මෙම විදුලිය විසන්ධි වීම එම ග්‍රිඩ් උපපොළ තුළ සිදුවූ පසු ලක්විජය බලාගාරයේ සංඛ්‍යාත වැඩිවීම සමඟ එයට බලපෑ බවත්, ඒ හරහා ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍ර තුනේම අවුල් සහගත බවක් ඇතිවූ බවයි. ඒ හරහා සමස්ත දිවයිනේම විදුලිය විසන්ධි වූ බව කමිටු වාර්තාව මගින් පෙන්වා දී ඇත. එමෙන්ම මෙවන් දෝෂ ඉදිරියේදී සිදුනොවීමට කමිටු වාර්තාව මගින් නිර්දේශද ඉදිරිපත් කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya