මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පැවැති අඳුරු යුගයට දොස් නගමින් නොසිට රට හදන්නට පටන් ගත යුතුයි-රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩගේවා

    අගෝස්තු 22, 2020

    කිසිවක් සිදු වන්නේ නැති අදුරු කාල පරිච්ඡේදයක් තිබු යුගයක තිබු බවත් එයට දොස් නඟමින් සිටිමෙන් ඉදිරියට යා නොහැකි බවත්,එය පැත්තකට දමා රට හදන්නට පටන් ගත යුතු බව  නාගරික සංවර්ධන හා වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැර කිරීමේ හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා ප්‍රකාශ කරයි.

    කොළඹ අගනගර ආශ්‍රිත ප්‍රදේශයන්හි  ඇතිවන ජල ගැලීම් හේතුවෙන් සිදුවන අහිතකර භෞතික හා සමාජීයීය, ආර්ථික බලපෑම අවම කිරීම සඳහා උතුරු කොළඹ නවමුතුවැල්ල භූගත උමං මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සමාප්තිය  කිරිමේ උත්සවයට සහභාගී වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.

    වැඩිදුරටත් අදහස් දැක් වු රාජ්‍ය අමාත්‍යවරයා, අපේ අමාත්‍යාංශ වලට විශාල වගකිමක් පැවරී ඇති බවයි.ජනතාව අපේක්ෂා කරනවා එම වගකිම අපි හරියාකාරව ඉටු කරයි යන්න.එසේම අපි  බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමා අපේක්ෂා කරන ආකාරයට,ජනතාව අපේක්ෂා කරන ආකාරයට ඒ සේවාව ලබා දෙන්නට.ඒ සඳහා අපිත් සමඟ එකතු බව ලෙස ද ආරාධනා කළේය.

    අපි ස්තුතිවන්ත වෙනවා ලෝක බැංකුවට,චින කොන්ත්‍රාත් සමාගමට මෙම උමං මාර්ගය ඉදිකිරිමට සහයෝගය පළ කිරිම සම්බන්ධයෙන් හා විශේෂයෙන් නාගරික සංවර්ධන අධිකාරායට ද  මෙම ස්තුතිය හිමි වෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya