මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බතික් කර්මාන්තය සඳහා විදේශ වෙළඳපොල හදුන්වාදීමට කටයුතු කරනවා- රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර

    අගෝස්තු 18, 2020

    විදේශ රටවලින් ගෙන්වනු ලබන රෙදි පිළි සීමා කොට දේශිය අමුරෙදි වලින් රටේ රෙදි පිළි අවශ්‍යතාවය සපුරාලීමට කට⁣යුතු කරන බව බතික්,අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් රාජකාරි අරඹමින් ඊයේ (17) ඇමති දයාසිරි ජයසේකර මහතා පැවසීය.

     

    විශේෂයෙන්,ත්‍රිවිධ හමුදාවේ නිල ඇදුම් හා අවශ්‍ය රෙදි සැපයීම,සියලු ම සෞඛ්‍ය අංශ සදහා රෙදි පිළි මෙන් ම පාසල් නිල ඇදුම් සදහා අමුරෙදි නිපදවීම ඇරඹිමට කටයුතු කරන බවත්,බතික් කර්මාන්තය සඳහා විදේශ වෙළඳපොල හදුන්වාදීමට ද කටයුතු කරන බව ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

    රාජකාරි ආරම්භ කරන අවස්ථාවට හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා,අමාත්‍යවරුන් වන විමල් වීරවංශ,දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න යන මහත්වරු ඇතුළු ආරාධිතයින් රැසක් එක්විය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya