මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශවල කොටුවී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරනවා

    අගෝස්තු 18, 2020

    කොරෝනා වසංගතය හේතුවෙන් මේ වන විට විදේශවල කොටුවී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමට සියළු කටයුතු කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

    නමුත් එහි ප්‍රමුඛතාවය ලබා දෙන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී නීත්‍යානුකූලව විදෙස් රැකියා වලට ගිය අයට බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ( 17) කම්කරු අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවක දී ය.

    මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ,

    මෙම ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරන බවයි. මෙහිදී කරන ලද සොයා බැලීම් වලදී හෙළිදරව් වී ඇත්තේ මෙම කොටුවී සිටින පිරිසෙන් බහුතරයක් නැවත
    පැමිණීමට මනාපයක දක්වා නැති බවයි. එසේම එසේ සිටින සමහරුන්ට විවිධ කාරණා සම්බන්ධව අධිකරණ කටයුතු ඇති බැවින්, ඔවුන්ට පැමිණීමට එම රටවල්වලින් අවසර ලබා නොදෙන බවයි. එසේ තවත්
    විශාල පිරිසක් වීසා රහිතව රැදී සිටින අය බැවින් එය ද නීතිමය ප්‍රශ්නයක් ඇති බව පැවසූ අමාත්‍යවරයා කියා සිටියේ, කරුණු කෙසේ වුවත් අපේ ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමට උපරිමයෙන් කටයුතු කරන බවය.

    නීති විරෝධී ලෙස හෝ වෙනයම් මාර්ග වලින් හෝ විදේශ රැකියා වලට ගොස් වීසා රහිතව සිරවී සිටින අය හෝ ඒ හැමදෙනාම අප ශ්‍රී ලාංකිකයන් බැවින්, ඒ කිසිම කෙනෙකු අපි අමතක නොකරන බවත්, සියළු දෙනාම හැකි ඉක්මනින් ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya