මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ කිසිදු පැකිළීමකින් තොරව සිදුකරනවා-අමාත්‍ය චමල් රාජපක්ෂ

    අගෝස්තු 18, 2020

    දීර්ඝ කාලයක් තිස්සේ නොයෙකුත් වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කළද ජනතාවගේ ඇතැම් ප්‍රශ්න විසඳී නොමැති බවත් ඒ වෙනුවෙන් සිදුකළ යුතු ප්‍රතිසංස්කරණයන් කිසිදු පැකිළීමකින් තොරව සිදුකරන බවත් අභ්‍යන්තර ආරක්ෂක රාජ්ය අමාත්ය චමල් රාජපක්ෂ මහතා පැවසීය.

    උදාහරණයක් ලෙස වසර 30 ,40ක් තිස්සේ ඉඩම් භුක්තිය විඳින ඇතැම් ජනතාවට ඉඩම් අයිතිය නොමැතිව විසි තිස් වරක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට පැමිණි අවස්ථා ඇති බවත් තවද ව්‍යාජ ඔප්පු සකස් කිරීම්,රජයේ ඉඩම් බලෙන් අල්ලා ගැනීම වැනි සිද්ධීන් සිදු වන බවත් මේ පිළීබඳව වගකීම් සහගත ලෙස සොයා බැලීමට සිදුවන බවද අමාත්‍යවරයා කීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ (17) නාරාහේන්පිට දිස්ත්‍රික් ලේකම්කාර්යාල ගොඩනැගිල්ලෙහිදී අභ්‍යන්තර ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ධූරයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට එක්වෙමිණි.

    සියළුම අංශ සමග කැපවීමෙන් කටයුතු කරමින් ජනතාවට උපරිම සේවයක් සිදු කරන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසිය. මෙම අවස්ථාවට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ආරක්ෂක ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya