මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් අමාත්‍යවරයා ලෙස රාජකාරී අරඹයි

    අගෝස්තු 17, 2020

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මුදල් අමාත්‍යවරයා ලෙස අද (17) පෙරවරුවේදී මුදල් අමාත්‍යාංශයේදී සිය ධූරයේ රාජකාරී භාර ගනු ලැබීය.


    මෙම රාජකාරී භාර ගැනීමට පෙර ගරුතර මහා සංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික ආශිර්වාද ලබා ගත්  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, සුබ මොහොතින් සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ සිය රාජකාරී ආරම්භ කරන ලදී.

    මේ අවස්ථාවේදී රු. 5,000/- ක නව මුදල් නෝට්ටුවක් මුද්‍රණය කර එළිදැක්වීම ද සිදු විය. එම නව මුදල් නෝට්ටුව අග්‍රාමාත්‍ය හා මුදල් අමාත්‍ය  මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත ශ්‍රී ලංකා මහ බැංකු අධිපති විසින් පිරිණැමීම සිදුවිය.
    එම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ඇතුළු නව රජයේ කැබිනට් හා රාජ්‍ය ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් සහ අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් කිහිප දෙනෙක් ද සහභාගී වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya