මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් කඩිනමින් වැඩ අවසන් කරන ලද මුහුදු මහා විහාරයේ දෙමහල් විශ්‍රාම ශාලාව විවෘත කෙරේ

    අගෝස්තු 17, 2020

    නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් කඩිනමින් වැඩ අවසන් කරන ලද මුහුදු මහා විහාරයේ දෙමහල් විශ්‍රාම ශාලාව විවෘත කෙරේ

    අම්පාර, පොතුවිල් මුහුදු මහා විහාරය වෙත පැමිණෙන බැතිමතුන්ගේ නවාතැන් පහසුකම් සඳහා නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් කඩිනමින් වැඩ අවසන් කරන ලද නව දෙමහල් විශ්‍රාම ශාලාව 2020 අගෝස්තු 15 වන දින විවෘත කෙරිණි.

    නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ උපදෙස් මත ගිණිකොණ නාවික විධානයේ ආඥාපති ගේ අධීක්ෂණය යටතේ නාවික හමුදාවේ තවත් එක් ප්‍රජා සත්කාරක සේවාවක් ලෙස නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් කඩිනමින් වැඩ අවසන් කරන ලද මෙම විශ්‍රාම ශාලාවේ සියළුම විදුලි පරිපථ ස්ථාපනය කිරීමද නාවික හමුදාව විසින් සිදු කරන ලදි. නාවික හමුදාව විසින් සිදු කරන ලද මෙම ප්‍රජා සත්තාරක සේවාව සම්බන්ධයෙන් විහාරාධිපති හිමියන් ඇතුළු ප්‍රදේශවාසීන් විසින් නාවික හමුදාධිපතිතුමා ඇතුළු සමස්ථ නාවික හමුදාවට ප්‍රසංශා කරන ලදි.

    පොතුවිල් මුහුදු මහා විහාරයේ විශ්‍රාම ශාලාව විවෘත කිරීම රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක දිල්රුවන් රාජපක්‍ෂ මහතා විසින් සිදු කරන ලද ‍අතර, එම අවස්ථාව සඳහා ගිණිකොන නාවික විධානයේ ආඥාපති ඇතුළු නිලධාරීන් හා නාවිකයින් පිරිසක්, යුද්ධ හමුදා නිලධාරීන් පිරිසක් සහ ප්‍රදේශවාසී බැතිමතුන් පිරිසක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya