අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර දීම පිළිබදව රුවන්පුර ජනතාවට ගෞරවය පුද කරයි

    අගෝස්තු 08, 2020

     

    රට තුළ ආරක්ෂාකාරි හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට හැකි වූයේ අතිගරු ජනාධිපතිතුමන්ගේ සාර්ථක වැඩ පිළිවෙල නිසායි යැයි මෙවර මැතිවරණයට තරඟ කර රත්නපුර දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප හිමිකර ගත් සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය ප්‍රකාශ කරයි

     

    2020 පාර්ලිමේන්තු මැතිවරණයේ වැඩි ඡන්ද දෙලක්ෂ අනූදහසකින් රත්නපුර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවීමට ප්‍රදේශවාසී ජනතාව කටයුතු කිරීම පිළිබදව අදහස් දක්වමින් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙම අදහස් පළ කරන ලදි.

    මෙහිදී අදහස් දැක් වූ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය - “වැඩි ඡන්ද දෙලක්ෂ අනූදහසකින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රත්නපුර දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරවන්නට ඇප කැප වූ, සහයෝගය ලබාදුන් හා ඡන්දය ලබාදුන් සියළුම ඡන්ද දායකයින්ට මාගේ හදපිරි ගෞරවය පුද කරනවා.”

    “රත්නපුර මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙක් ලබාගත් වැඩිම ඡන්ද සංඛ්‍යාව වන ලක්ෂ 02 කට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාදුන් සියළුම ජනතාවට මෙම අවස්ථාවේ මාගේ හදපිරි ගෞරවය පුද කරනවා. විශේෂයෙන්ම රත්නපුර දිස්ත්‍රික්කය ලංකා ඉතිහාසයේ නොවූ විරූ ආකාරයෙන් සංවර්ධනය කරන්නට ඇපකැප වන බව ද මේ අවස්ථාවේ සදහන් කරනවා.”

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ, රට තුළ කොවිඩ්-19 උවදුර ද පැවැති මොහොතක සියළු ඡන්දදායකයින් ආරක්ෂා කර ගනිමින් ඉතාමත්ම ආරක්ෂාකාරී සහ සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට හැකි වුයේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ක්‍රියාත්මක කළ සාර්ථක වැඩපිළිවෙල නිසා බවත්, ඒ පිළිබදව එතුමාට සිය ගෞරව පූර්වක ස්තූතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නා බවත්ය. එමෙන්ම කාන්තා නියෝජිතවරියක් ලෙස ඉදිරි වසර 06 තුළ රටේ සිදු කිරීමට නියමිත සංවර්ධන ක්‍රියාවලියට සිය පුර්ණ සහයෝගය නව රජයට ලබාදීමට කටයුතු කරන බව ද පැවැසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya