මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ නිල සන්නිවේදකයා වශයෙන් ජනතාවට සරල සුගම්‍ය ලෙස ප්‍රතිඵල සන්නිවේදනය කිරීම අරමුණයි

    අගෝස්තු 06, 2020

    ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මැතිවරණ ප්‍රතිඵල සජීවී විකාශයේ අරමුණ නිල සන්නිවේදකයා වශයෙන් ජනතාවට සරල සුගම්‍ය ලෙස ප්‍රතිඵල සන්නිවේදනය කිරීමයි. - රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්

     ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මැතිවරණ ප්‍රතිඵල සජීවී විකාශය කිසිසේත්ම තාක්ෂණික මහා විප්ලවයක් නොවන බවත්, එහි අරමුණ රජයේ නිල සන්නිවේදකයා වශයෙන් ජනතාවට සරල සුගම්‍ය ලෙස ප්‍රතිඵල සන්නිවේදනය කිරීම බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා පැවසුවේය.

    ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ විශේෂ මැදිරි සංකීර්ණයෙහි පැවැත්වෙන සජීවී මැතිවරණ ප්‍රතිඵල විකාශය හා එක්වෙමිනි.

    රජයේ නිල ප්‍රකාශකයා වශයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කිසිදු අවස්ථාවක් මග නොහරින බවත්, මැතිවරණයද එවැනි වැදගත් කාර්ය ගොන්නෙහි වූ විශාල කර්තව්‍යයක් මෙන්ම අද දෙපාර්තමේන්තුවට බොහෝ කාර්යබහුල දිනයක් බවත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය. මෙම දින වල කාර්ය මණ්ඩලය දිවාරෑ නොබලා කටයුතු කරන බව සිහි කළ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා කොරෝනා සමයේ පූර්ව මැතිවරණ සමයේ සහ මැතිවරණ දිනයේද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ක්‍රියා කල ආකාරය සහ එම සුවිශේෂී කාර්යභාරයන් ඇගයීමට ලක් කළේය.


    සමාජ මාධ්‍යයට රජයක් වශයෙන් නිවැරදි තොරතුරු ලබාදිය යුතු බවත්, එසේ නොමැති වුවහොත් ඇතැම් පිරිස් අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍යයට රිංගවිය හැකි බවත් සිහි කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල පුවත් වෙබ් අඩවිය වන news.lk වෙබ් අඩවිය සහ Department Of Government Information වෙබ් අඩවිය ඔස්සේ නිරන්තරයෙන් නිවැරදි තොරතුරු යාවත්කාලීන වන
    බවත් ඔහු සිහිපත් කළේය.

    ඊට අමතරව ට්වීටර්, යූ ටියුබ්, ෆේස් බුක් ඔස්සේද එම තොරතුරු ලබාදෙමින් මහජනතාවට සමාජ මාධ්‍ය ඔස්සේ ඍජුව ආමන්ත්‍රණය කිරීම සදහාද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කැපවී සිටින බවද අවදාරණය කළේය.


    මෙම ප්‍රතිඵල සජීවී විකාශය පිළිබදව තමා ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන් ඉතාමත් සතුටට පත්වන බවත් මෙය පසුගිය ජනාධිපතිවරණයේදී අරඹා ඉතා සාර්ථකව විකාශය කරමින් මෙවරද ඉතා දියුණු මට්ටමකින් සාර්ථකව සිදුකල හැකිවීම සහ මෙම කර්තව්‍ය සදහා දායකත්වය සැපයූ සියල්ලන්ටම ස්තුතිවන්ත වන බවත් වැඩිදුරටත් පැවසුවේය. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සිදුකරන මෙහෙයද අගයමින් පියෝ ටීවී නාලිකා අංක

    20 ඔස්සේ රූපවාහිනී මාධ්‍යයෙන් මෙය නැරඹීමට හැකි බව සිහිපත් කිරීමටද ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා අමතක නොකළේය.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya