අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පලමු නිල ඡන්ද ප්‍රතිඵලය පස්වරු 01.30 වන විට ලබාදීමට උත්සාහ කරනවා- මහින්ද දේශප්‍රිය

    අගෝස්තු 06, 2020

    පලමු නිල ඡන්ද ප්‍රතිඵලය පස්වරු 01.30 වන විට ලබාදීමට උත්සාහ කරන බවත්, යම් ප්‍රමාදයක් වුවද පස්වරු 02.30ත් 03.00 ලබාදීමට හැති බවත්, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

     මැතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

    මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් පවසන්නේ ඡන්දට ලබාදීම දහවල් 12 වන විට ලබාදීමේ අපේක්ෂාවක් තිබුනද අයහපත් කාලගුණය හා වර්ෂාව තිබීම නිසා ඡන්දය ගණන් කිරීමට ප්‍රමාද වූ බවත්, එමනිසා ඡන්ද ප්‍රතිඵලය පැමිණිම ප්‍රමාද වූ බවත්ය.

    මහින්ද දේශප්‍රිය මහතා පවසන්නේ මේ වන විටත් ගාල්ල හා ගම්පහ ප්‍රදේශවලට තද වැසි ඇති බවත්, එසේ වුවද කිසිදු බාධාවකින් තොරව ඡන්ද ගණන් කිරිම සිදු කෙරෙන බවයි.

    ඡන්ද ප්‍රතිඵලය ලබාදීමේදී බොහෝ විට යාපනය අර්ධද්වීපයේ ඡන්ද ප්‍රතිඵලයක් මුලින්ම ලබාදීමට හැකියාවක් ඇති බවද මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya