මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඡන්දය ප්‍රකාශ කිරීම අවසන් - ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත - ඡන්දය ගණන් කිරීම හෙට

    අගෝස්තු 05, 2020

    2020 පාර්ලිමේන්තු මහා මැතිවරණය ඡන්දය ප්‍රකාශ කිරීම අද (05) පෙරවරු 7.00 ට ආරම්භ වූ අතර පස්වරු 5.00 ට අවසන් විය.

    දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 12,885 ක සුදුසුකම් ලැබූ ලියාපදිංචි ඡන්ද දායකයින් 16,263,885 පිරිසක් මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා තිබුණි.

    මෙරට පවතින COVID-19 වසංගතය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් මෙවර මැතිවරණ කටයුතු පවත්වන ලදී.

    මේ වන විට දැඩි පොලිස් ආරක්ෂාව යටතේ විට ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යාම සිදු වෙමින් පවතින අතර හෙට දිනයේ දී (05) මෙම ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වල දැඩි රැකවල් මධ්‍යයේ තබා තැබීමට නියමිතයි.

    ඒ අනුව, හෙට දිනයේ දී  ඡන්ද ගණන් කිරීම ආරම්භ කෙරේ. කෙසේ වුව ද, පෙර තිබූ මැතිවරණ වලට සාපේක්ෂව මෙවර 2020 පාර්ලිමේන්තු මහා මැතිවරණය ඉතා සාමකාමීව සිදු වූ බව ශ්‍රී ලංකා පොලිසිය සඳහන් කර සිටී. මේ අතර ඡන්ද විමසීම සෞඛ්‍ය ආරක්ෂිතව සහ සාමිකාව පැවැති බව දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරින් ද ප්‍රකාශ කරයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya