මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සැමට ආදර්ශයක් ලබාදෙමින් මැතිවරණ කොමිසමේ සභාපති ඡන්දය භාවිතා කරයි

    අගෝස්තු 05, 2020

    මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා බම්බලපිටිය ලින්ඩ්සේ බාලිකා විද්‍යාලයේදී අද (5) උදෑසන සැමට ආදර්ශයක් ලබාදෙමින් ඡන්දය භාවිතා කළේය.

    එහිදී මාධ්‍යයට අදහස් දක්වමින් ඔහු කියාසිටියේ, ඡන්දපොළ සුරක්ෂිත බවත් කිසිදු ගැටලුවක් නොමැති බවත්ය. එමනිසා තරුණයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන ලෙස ආරාධනා කළ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිවෙස් වල වැඩිහිටියන් ඇතුව සියලුදෙනාටම ඡන්දය ප්‍රකාශකිරීමට පැමිණෙන ලෙස ඉල්ලා සිටියේය.

    තමා ඡන්ද දායකයෙකු ලෙස ඡන්ද මධ්‍යස්ථානයට පැමිණියේ 2011න් පසුව බව පැවසූ මහින්ද දේශප්‍රිය මහතා තමාට වයස ප්‍රශ්නයක් නොවූ බව පැවසුවේය.

    “අපේ ඉල්ලීම තරුණයින්ට එන්න ඡන්දේ දාන්න, තමන්ගේ අයියලා අක්කලා, අම්මලා තාත්තලා, ආච්චිලා සීයලාට එන්න කියන්න ඡන්දේ දාන්න..” .. යනුවෙන්ද ඔහු පැවසුවේය.

    එහිදී ඡන්දය භාවිතා කිරීමේ වැදගත්කම සිහිපත්කරමින් ඡන්දය ඔබේ අයිතියයි.. ඡන්දය ඔබේ හඩයි.. ඡන්දය ඔබේ අනාගතයයි.. ඡන්දය ඔබේ බලයයි යනුවෙන්ද අවසානයේ පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya