මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාමකාමී ආකාරයට ඡන්දය ඇරඹුණා- කිසිදු බියකින් තොරව ඡන්දය භාවිතා කරන්න - පැෆරල් සංවිධානය

    අගෝස්තු 05, 2020

    සාමකාමී ආකාරයට ඡන්දය ඇරඹුණා.කිසිදු බියකින් තොරව ඡන්දය භාවිතා කරන්න. - පැෆරල් සංවිධානය

    ඡන්දය ප්‍රකාශ කිරීමේ දී මේ දක්වා කිසිදු නීතිවිරෝධී සිදුවීමක් වාර්තා නොවුණු බවත්, සාමකාමී ආකාරයට ඡන්දය ආරම්භ වුණු බවක් පැෆරල් සංවිධානයට නිරීක්ෂණය වුණු බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.


    අද මැතිවරණය ආරම්භ වීම පිළිබදව අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවේය.

    මධ්‍යස්ථාන කිහිපයක පමණක් ප්‍රචාරණ කටයුතු සිදුකිරීම, බෑන්ඩ් බෙදාහැරීම පිළිබද සිදුවීම් කිහිපයක් පිළිබදව වාර්තා වුණු අතර සියලුම ඡන්ද මධ්‍යස්ථාන වල ගැටලුවකින් තොරව සෞඛ්‍ය නිර්දේශ වලට අනුගතව සකස් කර තිබූ අයුරු නිරීක්ෂණය වූ බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

    ඔහු පවසන පරිදි දේශපාලන පක්ෂ වල නියෝජිතයින්ගේ සහභාගීත්වයත් ප්‍රශස්ථ මට්ටමක පැවති බව පැරෙල් නිරීක්ෂකයන්ට වාර්තා වී ඇත. අද දවස තුළ ගැටලුවකින් තොරව සාමකාමීව ඡන්දය පැවැත්වීමට හැකිවනු ඇතැයි පැෆරල් සංවිධානයෙහි විශ්වාසයයි.

    අපගේ නීති සම්පාදනය කරන, ප්‍රතිපත්ති සම්පාදනය කරන සහ මූල්‍ය කළමනාකරණය කරන ස්ථානය පාර්ලිමේන්තුව වන බැවින් ඡන්දය භාවිතා කිරීම සෑම පුරවැසියෙකුගේම වගකීමක් වන බවද, එම නිසා මැතිවරණයේදී සෑම ඡන්ද දායකයෙකුගේම ඡන්දය භාවිතකිරීම අතිශය තීරණාත්මක යැයිද පැෆරල් සංවිධානයේ විදායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.

    කළකිරීම් නිසා ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී ගෙදර නොරැදෙන ලෙසත්, ඡන්දය භාවිතා නොකළොත් ඔබ අකමැතිම දේශපාලන පක්ෂය ජයගනුඇතැයිද, අකමැතිම අපේක්ෂකයා පාර්ලිමේන්තු යනු ඇතැයිද ඔහු වැඩිදුරටත් ජනතාවට අවධාරණය කළේය.

    ඔබ මොන මතය දැරුවත් ඔබගේ වටිනා ඡන්දය මෙම පාර්ලිමේන්තු මැතිවරණයේදී භාවිතා කරන ලෙස රෝහණ හෙට්ටිආරච්චි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
    ඡන්ද මධ්‍යස්ථානය ඒ සදහා සුරක්ෂිතව සකස් කිරීමට සෞඛ්‍ය අංශ සහ මැතිවරණ කොමිසම ක්‍රියාකර ඇති බවද, එමනිසා කිසිදු බියක් ඇතිකර නොගෙන ඡන්ද පොළ වෙත ගොස් ඔබගේ ඡන්දය භාවිතා කරන මෙන් ජනතාවට ඔහු වැඩිදුරටත් පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya