මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහමැතිවරණ කටයුතු වෙනුවෙන් විශේෂ ආරක්ෂක වළල්ලක් - නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

    අගෝස්තු 05, 2020

    2020 පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා විශේෂ ආරක්ෂක වළල්ලක් ක්‍රියාත්මක කෙරෙන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් අද (05) කියා සිටී.

    ඒ අනුව අද (05) හෙට (06) සහ අනිද්දා (07) දින වල දී විශේෂ ආරක්ෂක වළල්ලක් ක්‍රියාත්මක වන බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටී.

    දිවයිනේ ඡන්ද මධ්‍යස්ථාන 12,985 ක ඡන්ද ප්‍රකාශ කිරීම සෞඛ්‍යාරක්ෂිත පියවරවල් අනුගමනය කරමින් අද (05) පෙරවරුවේ ඇරඹිණි. ඒ අනුව, ඡන්ද ගණන් කිරීම හෙට උදැසන 7.00 ට ආරම්භ වීමට නියමිතයි.

    එමෙන්ම, අද සවස් වරුවේ ඡන්ද පෙට්ටි ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට ද නියමිත ව තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya