අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණයට උපරිම ආරක්ෂාවක්- ආරක්ෂක නිලධාරින් 82091ක්- පොලිස් මාර්ග බාධක 148ක් - ජංගම මුර සංචාර

    අගෝස්තු 05, 2020

    පාර්ලිමේන්තු මැතිවරණය නිදහස්, සාධාරණ හා සාමකාමී ලෙස පැවැත්වීමට අවශ්‍ය සියළු කටයුතු සංවිධානය කර ඇති බවත් මැතිවරණය සඳහා උපරිම ආරක්ෂාවක් ලබා දී ඇති අතර ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසියේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත් පොලිස් මැතිවරණ කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අශෝක ධර්මසේන මහතා පැවසීය.

    ඒ මහතා මේ බව පැවසුවේ, පොලිස් මූලස්ථානයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිණි.


    පොලිස් නිලධාරින් 61078ක්, විශේෂ කාර්ය බලකා නිලධාරින් 3145ක්,රාජ්‍ය බුද්ධි නිලධාරින් 1433ක්, කොට්ඨාශ බුද්ධි නිලධාරින් 935ක්, විශේෂ විමර්ෂන නිලධාරින් 1926ක්,ජනපති,අගමැති සහ විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ ආරක්ෂක නිලධාරින් 2824ක් ,සිවිල් ආරක්ෂක බලකායේ 2824ක් ඇතුළුව සමස්ථ ආරක්ෂක නිලධාරින් 82091 ක් මහමැතිවරණයේ ආරක්ෂාව වෙනුවෙන් අනුයුක්ත කර ඇත. ස්ථිර පොලිස් මාර්ග බාධක 148 ට අමතරව මැතිවරණය සඳහා අමතර මාර්ග බාධක 121යොදවා තිබේ.

    ඡන්ද මධ්‍යස්ථාන 12,984 ක,ගිනි අවි සහිත ආරක්ෂක නිලධාරින් 02 බැගින් නිලධාරින් 25,968ක් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන 64 නිලධාරින් 3328ක්ද මීට අමතරව ජංගම මුර සංචාර , පූර්ණ කැරළි මර්ධන කණ්ඩායම් 53ක් ද අර්ධ කැරළ මර්ධන කණ්ඩායම් 89ක් යොදවා ඇත.

    පැවැත්වෙන ඡන්ද විමසීමේදී ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිතව නීති විරෝධී ක්‍රියා සිදු වුවහොත් ඒව මර්දනය සඳහා ගිනි අවි භාවිතා කිරීමට පොලිස් නිලධාරින්ට අවසර දී තිබෙන බව මෙම අවස්ථාවට එක් වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරි ජාලිය සේනාරත්න මහතා පැවසීය.

    තවද මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් පසු  දහවල් 12.00 දක්වා පෝස්ටර් අත් පත්‍රිකා ඇලවීම් හා ළඟ තබා ගැනීම , යතුරු පැදි පෙළපාලි වැනි මැතිවරණ පැමිණිලි සහ නීති උල්ලංඝනය කිරිම් 19 ක් වාර්තා වී ඇති බව මෙම අවස්ථාවට එක් වූ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

    තවද කොවිඩ් වසංගතය හමුවේ මෙවර මැතිවරණය සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව විශේෂ වන අතර ඡන්ද පොළේ සිට මීටර් 500ක් දුරින් ඡන්දය ආයාචනා කිරීම්, ඡන්දය නොදෙන ලෙස පෙළඹවීම් , අත්
    පත්‍රිකා ප්‍රදර්ශනය කිරීම, මැතිවරණයට පැමිනෙන්නන් චේතාන්විතව ප්‍රවාහනය කිරීම් වැනි ක්‍රියා වරෙන්තු නැතිව අත්අඩංගුවට ගත හැකි අවස්ථා බව ඒ මහතා අවධාරණය කළේය.
    තවද ඡන්ද මාධ්‍යස්ථෘන ආශ්‍රිතව සිදුවන නීති විරෝධී ක්‍රියාවන් වීඩියෝ ගත කිරීම් සඳහා පොලිස් කොට්ඨාශයන්ට කැමරා උපාංග ලබා දී ඇති බවද එම සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කළ හැකි බවද ඒ මහතා කීය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya