අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොවිඩ් උවදුර පාලනය කළා සේ මත් උවදුර නැති කිරීම සඳහාත් එකමුතුව කටයුතු කළ යුතුයි- අගමැති

    අගෝස්තු 02, 2020

    කොවිඩ් උවදුර පාලනය කිරීමට ජනතාව එකට එකමුතු වූ ආකාරයටම මත් උවදුර නැති කිරීම සඳහාත් එකමුතුව කටයුතු කළ යුතුව ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

    අනාගත පරපුර මත් උවදුරෙන් ආරක්ෂා කරගැනීම සඳහා වැඩි අවධානයක් යොමු කරමින් ඒ සඳහා හැකියාව ඇති පිරිසක් බලයට පත්කිරීම වගකීමක් ලෙස සලකන ලෙස ද අග්‍රාමාත්‍යවරයා  ( 01) පස්වරුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පැවති හමුවක් අමතමිනa ඉල්ලා සිටියේය.

    සිය දූ දරුවන් ආරක්ෂා කරමින් ගමත් රටත් මත්ද්‍රව්‍ය උවදුරෙන් විනාශ වීම වැළැක්වීමේ හැකියාව ඇත්තේ ජනතාවගේ සහායෙන් බව යළි යළිත් අවධාරණය කළ අග්‍රාමාත්‍යවරයා කුමන පක්ෂයට ඡන්දය දුන්නත් මත් උවදුර නැති කිරීම සඳහා සියලු ජනතාව ඒකරාශි විය යුතු බවද පැවසීය.

    කොවිඩ් වසංගතය සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කොවිඩ් වසංගතය පාලනය කිරීමේ හැකියාව ලැබුණේත් ජනතාව ජනාධිපතිවරයා සමඟ එකට සිට ගැනීම නිසා බවයි. ඒ ආකාරයෙන්ම මත් උවදුර තුරන් කිරීම සඳහාත් ජනතා සහාය හිමිවන්නේ නම් සිය රජයක් යටතේ අනාගත පරපුර සඳහා මත්ද්‍රව්‍යයෙන් තොර රටක් නිර්මාණය කිරීමට හැකිවන බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් එහිදී පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya