අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන්ට සහනයක්

    ජූලි 30, 2020

    2020 වසරේ ඔක්තෝබර් මස 11 වැනි දින පැවැත්වෙන පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන දරුවන්ට රට තුළ උද්ගත ව පැවති තත්ත්වය හේතුවෙන් ඔවුන්ගේ අධ්‍යයන කටයුතුවලට සිදුවූ බලපෑම හා පීඩනය කෙරෙහි සාධාරණ සහ මානුෂීය ලෙස අවධානය යොමු කරමින් සහනශීලීව කටයුතු කරන බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කරයි.

    අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ඊයේ (29) අධ්‍යාපන අමාත්‍යාංශයේ නව වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

    පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයට මෙතෙක් ලබා දී තිබූ විනාඩි 45ක කාලය පැයක් ලෙස අමතර විනාඩි 15කින් දීර්ඝ කිරීමටත්, දෙවැනි ප්‍රශ්න පත්‍රය සඳහා ලබා දී තිබූ වරණ 4ක් සහිත බහුවරණ ප්‍රශ්න සඳහා සිසුදරුවන්ට නිවැරදි පිළිතුර ලබාගැනීමේ ඉඩප්‍රස්ථා තවදුර‍ටත් පුළුල් කරමින් වරණ 3ක් සහිත ව ලබාදීමටත් මෙවර කටයුතු කරන බව අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැහැදිලි කළේය.

    අධ්‍යාපන ලේකම් එන් එච් එම් චිත්‍රානන්ද, රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රසේකර මහතා ඇතුළු අතිරේක ලේකම්වරුන් ප්‍රමුඛ ජ්‍යේෂ්ඨ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya