අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජාංගනයේ තැපැල් ඡන්දය සළකුණු කිරීමේ කටයුතු සාර්ථකව අවසන් - මැතිවරණ කොමිෂන් සභාව

    ජූලි 29, 2020

    කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හමුවූ කොවිඩ් රෝගීන්ගේ ආශ්‍රිතයන් හමුවීම  හේතුවෙන් වසා දැමුණු රාජාංගනය ප්‍රදේශයේ අතපසු වී තිබූ තැපැල් ඡන්දය සළකුණු කිරීමේ කටයුතු අද (29) දින සාර්ථකව අවසන් වූ බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

    එම ප්‍රදේශයේ තැපැල් ඡන්ද 502ක් තිබූ අතර එයින් 472ක් භාවිතා කර ඇති බව මැතිවරණ කොමිසම වැඩිදුරටත් පවසයි.

    රාජාංගනයේ තැපැල් ඡන්ද සළකුණු කිරීම සම්බන්ධයෙන් රජයේ නිල පුවත් වෙබ් අඩවිය news.lk කළ විමසුමකදී මැතිවරණ කොමිසමේ සැළසුම් හා පර්යේෂන අධ්‍යක්ෂ චන්න පී ද සිල්වා මේ සම්බන්ධයෙන් සඳහන් කළේය.
    සමස්ත දිවයිනේ තැපැල් ඡන්දය සඳහා සුදුසුකම් ලබා තිබූ ඡන්ද දායකයින් ප්‍රමාණය හත් ලක්ෂ පන්සිය පහක්(700,505) ක් වූ අතර එයින් තැපැල් ඡන්දය භාවිතා කළ ඡන්ද දායකයින් සංඛ්‍යාව හය ලක්ෂ අසූ හත් දහස් හයසිය විසි නවයක්(687,629)ක් ලෙස වාර්තා වේ.
    මෙවර මැතිවරණයේදී තැපැල් ඡන්ද භාවිතා කිරීමට ලබා දී තිබූ කාලය පසුගිය ජූලි 13 වනදා සිට 17 වන දක්වා වූ අතර එම කාලය තුළදී තැපැල් ඡන්ද භාවිතා කිරීමට නොහැකි වූ ඡන්ද දායකයන් වෙනුවෙන් කොමිෂන් සභාව විසින් අමතර දින ලෙස ජූලි මස 20 සහ 21 යන දෙදින ප්‍රකාශයට පත් කරනු ලැබිය. එම දින ද ප්‍රයෝජනයට ගෙන ඡන්දය භාවිතා කළ ප්‍රමාණය ජූලි මස 25 වන දිනට වාර්තා වී තිබුණේ හය ලක්ෂ අසූ හත් දහස් එකසිය පනස් හතක් (687,157)ක් ලෙසය.
    මේ අනුව මෙවර තැපැල් ඡන්දවල මුළු ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව සමස්ත වලංගු ඡන්ද සංඛ්‍යාවෙහි 90%ක් ඉක්මවීමකි.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya