අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජුලි 27 සිට සියලු පාසල්වල 11, 12, 13 ශ්‍රේණි ඇරඹෙයි

    ජූලි 24, 2020

    මැතිවරණයට යොදාගන්නා පාසල්වල ප්‍රධානීන් ජූලි 28,29,30,31 දිනවල පාසලේ රැඳී සිටිය යුතුයි.

    එළඹෙන සඳුදා (27) සිට රජයේ සියලු පාසල් 11 ,12 සහ 13 ශ්‍රේණි සිසු දරුවන් සඳහා විවෘත කිරීමට කටයුතු යොදා තිබේ.


    කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් මතු වූ නව තත්වයන් හමුවේ පාසල් විවෘත කිරීමේ දින සහ පාසල් පැවැත්වෙන ශ්‍රේණි සහ විභාග පැවැත්වෙන දින සංශෝධනය කරන ලද අතර, ඒ අනුව 11 ,12 සහ 13 ශ්‍රේණි සඳහා පෙරවරු 7.30 සිට ප.ව 3.30 තෙක් පාසල් පැවැත්වේ. සෙසු ‍ශ්‍රේණි සඳහා අගෝස්තු මස 10 වැනි දා සිට පාසල් ආරම්භ කෙරේ. සිසුන් පාසල් වෙත ගෙන්වා ගැනීමේ දී සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති මාර්ගෝපදේශ සහ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබාදී ඇති විශේෂ උපදෙස්වලට අනුකූලව පාසල් පවත්වාගෙන යා යුතු බව ද සියලු පාසල් බලධාරීන් වෙත අවධාරණය කෙරේ.


    2020 මහ මැතිවරණයට අදාළව පාසල් සූදානම් කිරිම හා ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීම වෙනුවෙන් මැතිවරණ කටයුතු සඳහා යොදා ගන්නා සියලු පාසල්වල විදුහල්පතිවරුන් සහ නියෝජ්‍ය විදුහල්පතිවරුන් ජූලි මස 28, 29, 30, 31 දිනවල පාසලේ රැඳී සිටිය යුතු බව ද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දන්වා සි‍‍ටියි.


    මෙම කාලසිමාව තුළ සිසුන්ගේ අධ්‍යයන කටයුතුවලට බාධාවක් නොවන ආකාරයට, සහකාර කොමසාරිස්වරුන් සමඟ සාකච්ඡා කර, මැතිවරණ කටයුතු සඳහා පාසල් තුළ පහසුකම් සැලසීමට පියවර ගන්නා ලෙස ද විදුහල්පතිවරුන් වෙත වැඩිදුරටත් දන්වනු ලැබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya