අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ කොරෝනා වෙරසය පාලනයට ජපන් රජයෙන් ඇමරිකානු ඩොලර් මිලියනක් වටිනා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

    ජූලි 15, 2020

    ජපානය හා ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්ත්වය තවදුරටත් තහවුරු කරමින් ශ්‍රී ලංකාව තුල කොරෝනා වෛරසය පැතිරීම පාලනය සහ වැළැක්වීම සදහා අතිගරු ජනාධිපතිතුමන් සහ අග්‍රාමාත්‍යතුමන් ප්‍රමුඛ ශ්‍රී ලංකා රජය ගෙන වැඩ වැඩපිළිවෙලට අනුව ක්‍රියාත්මක සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීමේ අරමුණින් ජපන් රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියනයක් (රුපියල් මිලියන 185.5 ක්) වටිනා අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කිරීම (14)දින සිදු කරන ලදි.

    මෙම උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදීමේ දී ප්‍රසම්පාදන කටයුතු ව්‍යාපෘති සේවා සදහා එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNOPS) විසින් සිදු කොට ඇත.

     

    ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා (H.E. M.Akira Sugiyama) මහතා සහ ව්‍යාපෘති සේවා සදහා එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ (UNOPS) ශ්‍රි ලංකාවේ සහ මාලදිවයිනේ අධ්‍යක්ෂ සුධීර් මුරලිදරන් යන මහත්වරුන් විසින් වෛද්‍ය උපකරණ සහ ඊට අදාල ලිපිලේඛණ සෞඛ්‍ය ලේකම් මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ලබාදෙන ලදි. මෙහිදී ලබාදුන් වෛද්‍ය උපකරණ අතර, Portable Xray Machine, Suction Apparatus double jar, Five Function HDU Bed, Table Top Autoclave, Normal Beds, HDU beds, Multiple Monitors, pulse oximeters, infusion Pumps, Syringe Pumps, Suction apparatus, ECG, USS portable, Defibrillator, CPAP Autoclave table top, Oxygen concentrators වේ.

     

    මෙම අවස්ථාවට අතිරේක ලේකම් (සංවර්ධන) ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ සහ ව්‍යාපෘති සේවා සදහා එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ (UNOPS) නිලධාරින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya