අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිවරණ රැළි සඳහා සහභාගී වීම ඡන්ද දායකයින්ගේ අයිතියක් වන අතරම එය සෞඛ්‍යාරක්ෂිත ව සිදු කිරීම ඔවුන්ගේ යුතුකමක් සහ වගකීමක්

    ජූලි 11, 2020

    මැතිවරණය පැවැත්වීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ වහාම රෙගුලාසි ලෙස ගැසට් කරන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (10) විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටී.

    ඒ මහතා මේ බව කියා සිටියේ ජුනි මස 03 වන දින සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනාරාල්වරයා විසින් ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ තවමත් රෙගුලාසි ලෙස ගැසට් නිවේදනයක් මඟින් නිසි ලෙස බලාත්මක නොවී තිබීම සෞඛ්‍යමය ගැටළුවක් ව තිබෙන බව සඳහන් කරමිනි.

    එමෙන්ම, සෞඛ්‍ය මාර්ගෝපදේශ බලාත්මක කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් සහ නීති කෙටුම්පත්තුමියගේ සහ නීතිපතිතුමාගේ ද අනුමැතිය අවශ්‍ය පරිදි ලැබී තිබෙන බවත් ඒ මහතා මෙහි දී සඳහන් කරන ලදුව ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් වලට පටහැනිව මැතිවරණ රැළි සඳහා දහස් ගණන් ජනතාව එක් රැස් කරමින්, උරෙන්උර ගැටෙමින්, මුහුණු ආවරණ නොමැතිව, එකිනෙකාගේ අත් ස්පර්ශ කරමින් හා එකිනෙකා මුසු වෙමින් මැතිවරණ රැළි වලට සහභාගී වීම දක්නට ලැබෙනබවත් බවත්, ඒ අනුව මෙරට පවත්නා තත්ත්වය සළකා බැලීමේ දී එකී මාර්ගෝපදේශ රෙගුලාසි ලෙස ගැසට් නොවීම බරපතළ සෞඛ්‍ය ගැටළුවක් වී තිබෙන බවත් මෙහි දී සඳහන් කර සිටියේය.


    රැස්වීමක දී මීටරයක දුර පවත්වා ගන්නා ලෙසත්, මුහුණු ආවරණ පැළඳ සිටීම සහ අත් පිරිසිදුව තබා ගැනීම යන මූලික සෞඛ්‍ය උපදෙස් අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු වන බවට උපදෙස් ලබා දෙන ලෙස මෙම රැස්වීම් එක් රැස් කරන ප්‍රමුඛ ඡන්ද දායකයින්ගෙන්, අපේක්ෂකයින්ගෙන් මෙන්ම ඔවුන්ගේ ආධාරකරුවන්ගෙන් සහ ක්‍රියාකාරීන්ගෙන් යන සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින බව සඳහන් කළ දේශප්‍රිය මහතා මැතිවරණ රැළි සඳහා සහභාගී වීම ඡන්ද දායකයින්ගේ අයිතියක් වන අතරම එය සෞඛ්‍යාරක්ෂිත ව සිදු කිරීම ඔවුන්ගේ යුතුකමක් සහ වගකීමක් ද වන බව ද මෙහි දී අවධාරණය කර සිටියේය.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya