අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද නැගුණු පාසල් සීනු හඬ කියාපාන්නේ මුළු මහත් ජාතියේ සුරක්ෂිතභාවයයි- අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම  

    ජූලි 07, 2020

    දරුවන් සඳහා (06) සිට ආරම්භ කෙරුණු සියලු පාසල්වල සීනු හඬින් කියාපාන්නේ මුළු මහත් ජාතියේ සුරක්ෂිතභාවය බව අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

    කොවිඩ් 19 අභියෝගය හේතුවෙන් වසා තැබූ පාසල්, අදසිට දරුවන් සඳහා විවෘත කළ ආකාරය, එහිදී පාසල් ප්‍රධානීන් විසින් පාසල්පරිශ්‍රය තුළ විෂබීජහරණය, ගිලන් කාමර පහසුකම් ආදිය සම්පාදනය කරතිබූ අයුරු, මෙන් ම විදුහල්පතිවරුන්, ගුරුභවතුන්, දරුවන්, අනධ්‍යයන කාර්ය මණ්ඩලඇතුළු සමස්ත පාසල් ප්‍රජාව නව පාසල් ආරම්භයට සූදානම් වී ඇති ආකාරය නිරීක්ෂණය කිරීමපිණිස මාතර සුජාතා ප්‍රාථමික විද්‍යාලයේ නිරීක්ෂණ කටයුතු සඳහා එක්වෙමින් අමාත්‍යවරයාමේ අදහස් පළ කළේ ය.

    මීට අමතරව, මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලය, නාරන්දෙනිය ජාතික පාසල,මාතරසුජාතා බාලිකා විද්‍යාලය, කිරින්ද පුහුල්වැල්ල මහා විද්‍යාලය,සහතිහගොඩ ජාතික පාසල අද දින අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක්විය. අධ්‍යාපන අමාත්‍යවරයා මෙන්ම, අමාත්‍යාංශයේ නිලධාරී කණ්ඩායම් දෙසීයක්(200ක්) 06 දිනය තුළ දිවයින පුරා එක් එක්පළාත්වල පාසල් කටයුතු නිරීක්ෂණය සඳහා යොදවා තිබේ.

    සෑම පාසලක් ම,සෞඛ්‍යබලධාරීන් විසින් ලබාදී ඇති සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරඇති මාර්ගෝපදේශ හා චක්‍රලේඛ උපදෙස් නිසියාකාරව පිළිපදිමින්,මෙවරපාසල් ආරම්භයේ දී කටයුතු කර ඇති බව දැනට ලැබී ඇති නිරීක්ෂණ තොරතුරු අනුව,තහවුරුවන බවත්, කිසිදු පාසලක මේ දක්වා මෙම ක්‍රියාවලියෙන් පරිබාහිර කටයුතු කිරීමක්හෝ අදාළ මාර්ගෝපදේශ හෝ නීති උල්ලංඝනය කිරීමක් වාර්තා නොවන බව ද මෙහිදී අමාත්‍යවරයාපෙන්වා දුන්නේය.

    කොවිඩ්අභියෝගයහමුවේ වේලාසනින් පාසල් දරුවන් නිවෙස් ගතකර, ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කළ පරිද්දෙන් ම,දරුවාපාසල තුළ සුරක්ෂිත වන බවට පූර්ණ තහවුරුවක් ලබාදිය හැකි පසුබිම සැකසුණු වහාම පාසල්ආරම්භ කිරීමට තීරණය කළ බව ද, මේ සඳහා පසුබිම සකස් කර දෙන්නට දිව රෑනොබලා ඇපකැප වූ වෛද්‍ය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලටත් ආරක්ෂක අංශවලටත් අමාත්‍යවරයාසිය කෘතවේදීත්වය පළ කළේය.

    එමෙන්ම, මඟහැරී ගිය පාසල් කාලය තුළ දරුවන්ගේ ඉගෙනුම්ක්‍රියාවලිය අඛණ්ඩ ව කරගෙන යාම වෙනුවෙන් තාක්ෂණික පහසුකම් හැකි පමණ යොදවමින් මෙරටගුරු පරපුර දරුවන්ට ලබා දුන් ශක්තිය විෂය භාර අමාත්‍යවරයා වශයෙන් තමා අතිශයින් අගයකරන බවද, අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

     

    දරුවන් සඳහා පාසල් ආරම්භ කිරීමේ දීපාසල් පැවැත්වෙන කාලය දීර්ඝ කිරීමට සිදුවීම නිසා දරුවන්ටත්, දෙමව්පියන්ටත්ගුරුවරුන්ටත් යම් යම් දුෂ්කරතාවන්ට මුහුණ දීමට ඇතැම්විට සිදුවනු ඇති බවත්,විශාලඅභියෝගයකට ලොවම මුහුණ දුන් අවස්ථාවක, ඉතා කෙටි කලකින් එම අභියෝගය හමුවේශක්තිමත්ව සිටින අප දරුවන් වෙනුවෙන් එමකැපවීම සිදුකළ යුතු බවත් පෙන්වා දුන්නේය.

    අතිගරු ජනාධිපතිතුමන් සහ අගමැතිතුමන් තමාටනිරතුරුවම උපදෙස් ලබාදෙන්නේ සෑම දරුවෙක් සම්බන්ධයෙන් පියෙකු මෙන් කටයුතු කරන ලෙසත්,උසස් පෙළ විභාගය ආරම්භ කිරීමට නියමිත ව තිබූ දිනය සැප්තැම්බර් මස 07 වැනි දා තෙක්කල් දැමූ බවත්, පාසල් ආරම්භ කිරීමත් සමඟ විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දෙමව්පියන්මෙන් ම දරුවන්ගෙන් නැවත විමසීම් කර ඒසම්බන්ධයෙන් අවශ්‍ය ඉදිරි කටයුතු සම්පාදනය කරන බව ද වැඩිදුරටත් අමාත්‍යවරයා සඳහන්කළේය.

    සෑම ගුරුවරයෙක් ම,සෑමවිදුහල්පතිවරයෙක් ම මේ මොහොතේ දරුවන් සම්බන්ධව විශාල අභියෝගයක් පවරා ගෙන සිටින බවපෙන්වා දුන් අමාත්‍යවරයා, පාසල් සංවර්ධන සමිති ඇතුළු සමස්ත පාසල්ප්‍රජාව මේ තත්ත්වය සංවේදී ව අවබෝධ කරගත යුතු බව ද සිහිපත් කළේය. කොවිඩ් අභියෝගයහමුවේ දරුවන් දිරි ගන්වන්නට සහ පාසල් ප්‍රජාව දැනුවත් කරන්නට මාධ්‍ය මගින් ලබාදුන් සහයෝගය ද මෙහිදී අමාත්‍යවරයාගේ ප්‍රශංසාවට ලක්විය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya