අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කිසිදු කොන්දේසියකින් තොරව MCC ගිවිසුම ප්‍රතික්ෂේප කළ යුතුයි - MCC ගිවිසුම ක්‍රියාත්මක කිරිමට යොදා ඇති ක්‍රමවේදය ශ්‍රි ලංකාවට පිළිගත හැක්කක් නොවෙයි- මහාචාර්ය ලලිතසිරි ගුණරුවන්

    ජූලි 03, 2020

    කිසිදු කොන්දේසියකින් තොරව MCC ගිවිසුම ප්‍රතික්ෂේප කළ යුතු බව සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය (MCC) සමාලෝචන කමිටුව යෝජනා කළ බව සභාපති කොළඔ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා පවසයි.

    අද (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී සහස්‍රක අභියෝගතා සංස්ථා සංයුක්ත ගිවිසුම (MCC) සමාලෝචනය කිරීම පිණිස පත් කළ කමිටුවේ සාමාජිකයින් විසින් පවත්වන විශේෂ මාධ්‍ය හමුවේ දී අඳහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසීය

    මෙහිදි සභාපතිවරයා පැවසු මුලික කරුණ වන්නේ ණයක් නොව ආධාරයක් ලෙසින් මෙය ක්‍රියාත්මක වන බවයි.එසේ වුවද මින් පෙර ලබා ගත් ආධාර හා මෙම MCC ගිවිසුම හරහා ලබා දෙන ආධාර සමාන නොවන බව මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා මෙහි දී සඳහන් කළ අතර ලබා දී ඇති කොන්දේසි ගැටලු සහිත බව ද පැවසීය

    මෙහිදි සංරෝධක වශයෙන් හඳුනා ගන්නා නිර්නායක තිරණය කරන්නේ, රජය මඟින් වුවද මෙහිදි මෙම සංරෝධන සම්බන්ධයෙන් විමර්ශනය කිරිමේ දි MCC ආයතනය විසින් බවත් මෙහිදි ලංකාවේ කිසිදු රාජ්‍ය ආයතනයකින් සිදු කර නොමැති බවත් හඳුනා ගෙන ඇති බව කීය.

    MCC වාර්තා සම්බන්ධයෙන් රජයේ ආයතන මඟින් නිරික්ෂණ වාර්තා දෙකක් ලබා දී ඇති බව සොයා ගත් බව සඳහන් කළ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා, එය විදේශ කටයුතු අමාත්‍යාංශය විසින්, එවකට රාජ්‍ය අමාත්‍යාශයේ සිටි නියෝජ්‍ය අමාත්‍යවරයාට වාර්තාවක් නිකුත් කර තිබෙන බව කීය . එහිදි මෙම වාර්තාවට අනුව මෙය ක්‍රියාත්මක කිරිමේ දි ජාතික ආරක්ෂාව පිළිබඳව අධ්‍යයනය කළ යුතුය යන්න සඳහන් කර තිබූ බවද කියා සිටියේ ය. එසේම එවකට ජනාධිපතිවරයා යටතේ තිබු ජාතික ආර්ථික සභාව විසින් ජනාධිපතිතුමාට භාර දීමෙන් අනතුරුව ජනාධිපතිවරයාගේ නිර්දේශ ඇතිව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙන වාර්තාවේ ද සඳහන් වන්නේ පුළුල් අධ්‍යයනයකින් තොරව මෙය සිදු නොකළ යුතු බවයි.

    එසේ වුවද ඉහත නිරික්ෂණ වාර්තා දෙක ම වාර්තා සැලකිල්ලට නොගෙන තිබු බව මෙහිදි මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් සඳහන් කළේය. එසේම ම මෙහි බලපැම සම්බන්ධයෙන් රාජ්‍ය යන්ත්‍රනය තුළ සොයා බලා නොමැති බව මෙයින් සොයා ගැනිමට හැකි වු බවද ඒ මහතා කියා සිටියේ ය. එසේම මෙම MCC ගිවිසුම ක්‍රියාත්මක කිරිමට යොදා ඇති ක්‍රමවේදය ශ්‍රි ලංකාවට පිළිගත හැක්කක් නොවෙයි .මෙහි මුදල් ගණුදෙනු කිරිමේ ක්‍රමවේදය ලංකාවේ සාමාන්‍ය විදේශ ගණුදෙණු කරනා ක්‍රමවේදයට පටහැනියි.

    එසේම මෙම වාර්තාව ඇතුළේ ඇති විවිධ කොන්දේසි ඇති අතර එම කොන්දේ තුළ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව පටහැනි, රටේ නිතිමය පද්ධතියට පටහැනි,මෙන්ම මෙම ගිවිසුමේ අඩංගු නීති පාර්ලිමේන්තු පනතකින් රටේ නීති බවට සකස් විය යුතු බවට ද මෙහි ඇතුළත් කර තිබෙන බව කියා සිටියේ ය.

    එසේම මෙම ගිවිසුම මඟින් කොළඔ සිට ත්‍රිකුණාමළය දක්වා ප්‍රධාන මාර්ගයේ සිට වර්ග කිලෝමිටර් 30 ප්‍රමාණයෙක් යුක්ත ඉඩම් අහිමි වන අතර දිස්ත්‍රිකක් 7ක් ඉඩම් මිට අයත් වේ.
    එසේම මෙම කමිටුව පත් කිරිම සම්බන්ධයෙන් ජනාධිපතිවරායාට ස්තුති වන්ත වන බවත්, පත් කළ කමිටුවේ රාජකාරි අවසන් වුවත් ,ඔබේ රාජකාරිය මෙයින් අවසන් නොවන බවත්,.මෙම මතය ජනතාව වෙත ගෙන යන ලෙස ද සභාපති මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා ඉල්ලා සිටියේය.

    එහිදී තවදුරටත් අඳහස් දැක්වූ ගුණරුවන් මහතා; අපේ රට රැක ගන්න අපිට වගකිමක් තිබෙනවා ,ඒ සඳහා සක්‍රීය කොටස්කරුවන් වන්න. ආණ්ඩු මාරු වුවද රට පැවතිය යුතුයි .මේ රටට ඇතුළට ඇවිත් විදේශිය බලවේගවලට පිනුම් ගහන්න ඉඩ නොදිය යුතුයි. අපේ ස්වෛරිත්වය,අපේ අනන්‍යතාවය කිසිදු හේතුවක් නිසාවත් පාවා නොදිය යුතුයි.ජාත්‍යන්තරය සමඟ ගිවිසුම් අත්සන් කිරීමේ දී ආණ්ඩුවලට දැනට ලැබී ඇති ඉඩ කඩ වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනස් කිරීමට නිති සම්පාදනය කරන ලෙස රටක් ලෙසින් හඩ නගා කිව යුතු බවද පැවසීය.

    මේ අවස්ථාවට කමිටුවේ සෙසු සාමාජිකයින් වන ප්‍රවාහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ඩී.එස්. ජයවීර, සහ වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර මහත්වරුන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා ද එක්විය.

     

     

     

     

     

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya