අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වී සදහා වූ රසායනික පොහොර කෘෂි කාර්මික කටයුතු සදහා මිලදී ගැනීමට අවස්ථාව

    ජූලි 03, 2020

    වී සදහා වූ රසායනික පොහොර කෘෂි කාර්මික කටයුතු සදහා මිලදී ගැනීම සදහා ඉඩකඩ ලබාදීමට කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා  (02) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසුවේය.


    දැනට ක්‍රියාත්මක පොහොර සහනාධාර වැඩ පිළිවෙල යටතේ අක්කර 05ක් දක්වා වන වී වගාවන් සදහා පොහොර සහනාධාරය යටතේ පොහොර ලබාදෙන අතර ඊට වැඩි භූමි ප්‍රමාණයන් වෙනුවෙන් අවශ්‍ය පොහොර වෙළදපොළෙන් මිලදී ගත යුතු වෙයි. මෙම තත්ත්වය යටතේ ඇතැම් අවස්ථා වල විවෘත වෙළදපොළේ අනෙකුත් භෝග සදහා භාවිතා කරනු ලබන පොහොර වල අවශ්‍යතාවයක් නිර්මාණය වී ඇති අතර, විශේෂයෙන්ම කෝවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් ගොවිතැන් කරනු ලබන භූමි ප්‍රමාණය ඉහළ යාම නිසා පොහොර ඉල්ලුම වැඩි වී ඇත.

    ඒ අනූව, රජය අපහසුවට පත් නොවන පරිදි ගොවි ජනතාවට අවශ්‍ය අතිරේක පොහොර තොග මිලදී ගැනීමට හැකි වනු පිණිස, රජයේ පොහොර සමාගම් විසින් වී වගාව සදහා වන පොහොර සහනාධාර වැඩසටහන යටතේ ආනයනය කර ඉතිරිව පවතින පොහොර තොග ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන විසින් මිලදී ගෙන කිලෝග්‍රෑම් 50ක පොහොර මල්ලක් රුපියල් 1000ක මිලකට ගොවීන් වෙත අලෙවි කිරීම සදහා ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධව මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන ඇමතිතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලයෙහි අවධානයට ලක්වූ බව අමාත්‍යවරයා පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya