අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පසුගිය රජය සමයේ සිදු වූ බව කියන මධ්‍යම සංස්කෘතික අරමුදලේ මූල්‍ය අවභාවිතා පිළිබඳ සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක්- සේවක වැටුප් හා දීමනා වෙනුවෙන් ප්‍රතිපාදන ඉල්ලා කැබිනට් යෝජනාවක්

    ජූලි 02, 2020

    පසුගිය රජය සමයේ මෙම සංස්කෘතික අරමුදලට ලැබෙන මුදල් ඉතා විශාල වශයෙන් අවභාවිතාවට ලක් වී ඇති බවට පැමිණිලි රැසක් ලැබී ඇති බවද ඒ අනුව ඒ පිළිබඳව ත්‍රිපුද්ගල කමිටුවක් මගින් විමර්ශන කටයුතු සිදුකෙරෙන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද(02) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව කීය.

    මේ වන විට මධ්‍යම සංස්කෘතික අරමුදල දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පා ඇති අතර, ඒ හේතුවෙන් සේවක වැටුප් හා අනෙකුත් වියදම් දරා ගැනීමට අපහසු වී ඇත.

    එම තත්ත්වය යටතේ මාසිකව රුපියල් මිලියන 135ක් බැගින් භාණ්ඩාගාරයෙන් අතිරේක ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දී තිබේ.

    මෙම අරමුදල යටතේ ස්ථිර සේවකයින් 2300ක් පමණ සේවය කරන බවත් සංස්කෘතික ත්‍රිකෝණයට අයත් සංචාරක ස්ථාන නැරඹීමට එන විදේශිකයින්ගේ අය කළ මුදල් මෙම අරමුදලට බැර කරන අතර පසුගිය රජය සමයේ මෙම සංස්කෘතික අරමුදලට ලැබෙන මුදල් ඉතා විශාල වශයෙන් අවභාවිතාවට ලක් වී ඇති බවට පැමිණිලි රැසක් ලැබී ඇති බවද ඒ අනුව ඒ පිළිබඳව ත්‍රිපුද්ගල කමිටුවක් මගින් විමර්ශන කටයුතු සිදුකෙරෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    එකී අරමුදල දැනට මුහුණ පා ඇති ගැටලුවලට පිළියමක් වශයෙන් මහා භාණ්ඩාගාරයේ මැදිහත් වීම මත කෙටි කාලීන ණය මුදලක් දේශීය බැංකුවක් වෙතින් ලබා ගැනීම සඳහා පහසුකම් සලසා දීමටත්, ඉදිරියේදී රට තුළ සංචාරක ව්‍යාපාරය නැවත යථා තත්ත්වයට පත්වීමත් සමඟ මධ්‍යම සංස්කෘතික අරමුදලේ ආදායම් තත්ත්වය වැඩි කරගෙන එකී ණය මුදල පියවීම සඳහා අවශ්‍ය කටයුතු සලසා දීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙන ලදී.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya