අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දේශීය ඉදිකිරීම් සමාගම්වල සේවය ලබාගනිමින් රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සිදු කිරීමට පියවර

    ජූලි 02, 2020

    සෞභාග්‍යයෙ ඉදිරිදැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ දේශීය බැංකු මඟින් අරමුදල් සපයාගනිමින් දේශීය ඉදිකිරීම් සමාගම්වල සේවය ලබා ගනිමින් රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට මාර්ග සහ මහාමාර්ග හා නාවික කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඊයේ ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

    2014 වසරේ අයවැය යෝජනාවක් මගින් දක්ෂිණ අධිවේගී මාර්ගය කහතුඩුව,ඉංගිරිය,රත්නපුර,පැල්මඩුල්ල සිට සම්බන්ධ කරමින් රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා මුලින්ම මෙම ව්‍යාපෘතිය ඉදිරිපත් කළ නමුත් පසුගිය රජය විසින් පිරිවැය අධික විදේශ සමාගමකට මෙම ගිවිසුමේ කොන්ත්‍රාත් ලබා දී ඇතැයි අද(02) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී  සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කීය.

    එහෙත් පිරිවැය අධික සියළුම ගිවිසුම් අවසන් කිරීමට ඊයේ කැබිනට් මණ්ඩලයේදී තීරණය කර ඇති අතර ඒ අනුව මෙම ව්‍යාපෘතියද දේශීය අරමුදල්යටතේ ක්‍රියාත්මක කිරීම මගින් වඩාත් හිතකර ප්‍රතිඵල අත්කර ගත හැකි බවට අවධානය යොමු වී තිබේ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya