අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාවේ තාක්ෂණ ක්ෂේත්‍රයේ නව ව්‍යවසායකත්ව වර්ධනය හා ඉඩ ප්‍රස්ථා පිළිබඳව අන්තර් ජාතික ඇගයීමකට

    ජූනි 30, 2020

    ශ්‍රී ලංකාවේ තාක්ෂණ අංශයේ නව ව්‍යවසයයකත්ව වර්ධනය හා ඉඩප්‍රස්ථා  පිළිබඳවThe 2020 Global Startup Ecosystem Report (GSER) වාර්තාවේ ඉහළ ඇගයීමකට ලක්ව තිබේ. ලෝකයේ ප්‍රමුඛ තොරතුරු තාක්ෂණ ව්‍යාපාර ආශ්‍රිත නගර 250ක් මුල්කරගනිමින් මෙම විමර්ශනය සිදු කර  තිබෙන බව ICTA ආයතනය පවසයි

    ශ්‍රී ලංකාවේ තාක්ෂණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ නව ප්‍රවෙශයන්ගේ වර්ධනයට මුලික හේතුව නව ව්‍යවසායන් සදහා වූ රජයේ සහයෝගය හා කුසලතා පුර්ණ මානව සම්පතේ ඇති උද්යෝගය බව පෙන්වා දී තිබේ. මේ අනුව මෙම අංශයේ විදේශ ආයෝජකන් ඒ සදහා   පොළඹවන වාතාවරණයක් දැන් ගොඩනැගී ඇතිබව මෙමගින් තහවුරු කරඇත .

    Startup Genome යනු තාක්ෂණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ නව ප්‍රවේශයන් සදහා අනුබලදෙන පුළුල් විමර්ශන සිදුකරන අන්තර්ජාතික පර්යේෂණ ආයතනයකි. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය මෙහි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙරට නව තාක්ෂණ ව්‍යවසායකකන් සදහා අවශ්‍යය තොරතුරු සම්පාදනය, දනුවත්කිරිම් හා අන්තර්ජාතික සබදතා පවත්වාගැනීමට අවශ්‍ය දැනුම ලබා දෙයි.


    මෙම පසුබිම මත මෙරට නව තාක්ෂණ ව්‍යවසායකයන්ගේ ප්‍රවේශයේ සාමුහික වර්ධනය සදහා වූ වටිනාකම් සිව්ගුණයකින් වර්ධනය වී තිබෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය සභාපති ජයන්ත සිල්වා මහතා  පවසයි.

     

    එය රුපියල් බිලියන 5.4 සිට 21.8 දක්වා වන වර්ධනයකි. මේ අනුව අපේ ඉංජිනේරුමය හැකියාව ඉතා ඉහල මට්ටමේ අවදානයට යොමුවෙමින් දැවැන්තයකු සේ නැගීසිටීමට හැකිවී තිබේ .කෝවිඩ් 19 ලෝකතත්වය හමුවේ යම් කඩාවැටීමක් සිදුව ඇතත් මෙම ව්‍යයාපාර වෙත පිවිසීමෙට වඩාත් හොඳ පරිසරයක් ඇතිකර තිබෙන බව ඔහු තවදුරටත්  සඳහන් කරයි.

    කොවිඩ් 19 අර්බුදය හමුවේ පවා මෙරට ආයෝජකයන් තාක්ෂණ ක්ෂත්‍රයේ නව ප්‍රවේශයන්ට උපකාර කිරීමට කැපවිසිටි .පසුගිය දශකය තුළ කලාපිය ප්‍රාග්ධන ආයෝජන සමාගම් විදෙශියය ආයෝජකයන් ශ්‍රී ලංකාව වෙත ගෙන්වා ගැනීමට මෙර ට ආයෝජකයන්ගේ එකතුවක්වූ ''ලංකා එන්ජල් ජාලය The Lankan Angel Network '' සැළකිය යුතු  දායකත්වයක් ලබාදී ඇති බව ශ්‍රී ලංකා එන්ජල් ජාලයේ සභාපති මනොසේකරාම් මහතා පෙන්වා දෙයි. ශ්‍රී ලංකාවේ මෙම අංශයේ වර්ධනයට සහායවීම සදහා ප්‍රථම වරට එන්ජල් පදනමක් පිහිටුවීමටද බලාපොරුත්තුවන බව ඔහු තවදුරත්  පවසයි..

    මෙම වාර්තාව පෙන්වාදෙන ආකාරයට,  ශ්‍රී ලංකාවේ විද්‍යුත් වානිජ හා ඒ ආශ්‍රිත මුල්‍ය කටයුතු පිළිබදව ද අපේක්ෂා එම අංශයට පිවිසීම දිරිගන්වන සුලුය. විද්‍යුත් වානිජ හා ඒ ආශ්‍රිත සේවා හා අලෙවිය ඩොලර් මිලියන 40 සිට 400 දක්වා වර්ධනය කිරිම 2022 ඉලක්කයවී තිබේ. ඒ සදහා ශ්‍රී ලංකා මහා බැංකුව හදුන් ව දුන් නව නීති අනුබලයක් වනු ඇති බව ද එමගින් පෙන්වාදෙයි

    මේ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් ප්‍රතිපත්ති සම්පාදකයන් හා සමාජයේ වගකිවයුතු කොටස් ඒ සදහා තම උනන්දුව දෙගුණ කළ යුතු බව Startup Genome සමාරම්භක හා ප්‍රදාන විධායක JF Gauthier මහතා පැවසිය.

    ඒ සදහා තම ආයතනය මේ වසරේ වැඩි අවධානයක් යොමුකරමින් පවතින තත්වයෙන් ඉදිරියට යාමට අවශ්‍යය උපදේශනසේවා ලබාදීමට කැපවි සිටින බව  ප්‍රකාශ කර තිබේ.


    ශ්‍රී ලංකාවේ මෙම ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා විවිධ ආකාරයෙන් පවතී .ඒවා ජාතික ආර්ථිකයට ඵලදායක ලෙස යොදා ගැනීමට උනන්දු විය යුතු බව ප්‍රකාශකරන සින්ටෙක් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී හෙමින්ද ජයවීර මහතා පෙන්වාදෙන්නේ,අපි අපේ වටිනා අමුද්‍රව්‍ය කෙරෙහිද අවධානය යොමුකර අපේ ඉහළ විශේෂඥ දැනුම ඒ සදහා යොදවා වඩාත් වැඩි ආර්ථික වටිනා කමක් ඊට එක කිරීමට උනන්දු වියයුතු බවයි

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya