මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉටුකම COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1374 දක්වා ඉහළට

    ජූනි 10, 2020

    ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1374 ඉක්මවා තිබේ.

     

    මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව රුපියල් 14,133,164.86ක්, සී/ස මධ්‍යම පළාත් අධ්‍යාපන සේවා සකසුරුවම් හා ණය ගණුදෙනු පිළිබඳ සමූපකාර සමිතිය රුපියල් 200,000ක්, නෝර්වූඩ් ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.කේ.රවී මහතා රුපියල් 50,000ක් අරමුදලට පරිත්‍යාග කළ අතර අදාළ චෙක්පත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාරදුන්නේය.

    ඌව පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු පළාත් රාජ්‍ය නිලධාරීන් පිරිනැමූ රුපියල් 11,612,217.02කට අදාළ චෙක්පත ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා විසින් ද, දකුණු පළාත් රාජ්‍ය නිලධාරීන් පිරිනැමූ 20,273,541.85කට අදාළ චෙක්පත ආණ්ඩුකාර විලී ගමගේ මහතා විසින් ද, උතුරු පළාත් රාජ්‍ය නිලධාරීන් පිරිනැමූ රුපියල් 3,000,000කට අදාළ චෙක්පත ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය විසින් ද, නැගෙනහිර පළාත් රාජ්‍ය නිලධාරීන් හා රාජ්‍ය නොවන සංවිධාන පිරිනැමූ රුපියල් 40,000,000කට අදාළ චෙක්පත ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සහ පළාත් ප්‍රධාන ලේකම් පී. වනිගසිංහ මහතා විසින් ද, බස්නාහිර පළාත් රාජ්‍ය නිලධාරීන් පිරිනැමූ රුපියල් 20,000,000කට අදාළ චෙක්පත ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාෆෝස් ඩබ්.ඩී.එම්.ජේ. රොෂාන් ගුණතිලක මහතා විසින්ද ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලදී.

    Dial Textile Industries (Pvt) Ltd ආයතනය රුපියල් 3,000,000ක්, නීල් උමගිලිය මහතා රුපියල් 1,000,000ක් සහ Lion Vision for Sight Hospital Trust ආයතනය රුපියල් 10,000,000ක් අරමුදලට පරිත්‍යාග කර තිබේ. ඊට අදාළ චෙක්පත් අද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණ.

    Sri Lanka – Australia – New Zealand Business Council (The Ceylon Chamber of Commerce)ආයතනය රුපියල් 500,000ක් සහ නීතීඥ ඩී. ලක්සිරි මෙන්ඩිස් මහතා රුපියල් 500,000ක් අරමුදලට ප්‍රදානය කර තිබේ.

    දැන් ඉටුකම COVID - 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,374,575,492.89 කි.

    දෙස් විදෙස් පරිත්‍යාගශීලීහූ ගිණුමට දායක වී සිටිති. චෙක් පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www. itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207# අමතා අරමුදලට දායකවිය හැකිය. දුරකථන අංක 0760700700/ 0112320880/ 0112354340/ 0112424012 ඇමතීමෙන් වැඩි විස්තර දැනගැනීමට පිළිවන.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya