මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික තොරතුරු හා සන්නි‍වේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය සඳහා ලියාපදිංචිවීමට අයදුම්පත් කැඳවීම දීර්ඝ කරයි

    ජූනි 09, 2020

    අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලය, ශ්‍රී ලංකා පරිගණක සංගමය සහ කොළඹ විශ්වවිද්‍යාල‍යීය පරිගණක අධ්‍යයන අංශය සමඟ එක්ව 12 වැනි වරටත් පවත්වනු ලබන ජාතික තොරතුරු හා සන්නි‍වේදන තාක්ෂණ ශූරයෝ තරගාවලිය සඳහා ලියාපදිංචිවීමට අයදුම්පත් කැඳවීමේ දිනය 2020 ජුනි 30 තෙක් දීර්ඝ කිරීමට තීරණය කර ඇත. ඒ අනුව, මෙම තරගාවලිය සඳහා නිර්මාණ භාරගැනීමේ අවසන් දිනය ජුලි 31 වන තෙක් දීර්ඝ කර ඇත.

    මෙම තරගාවලිය ප්‍රධාන අංශ 03කින් ක්‍රියාත්මක කෙරෙන අතර, ජාතික මට්ටමේ පාසල් මෘදුකාංග තරගාවලිය (NSSC) ශ්‍රී ලංකා පරිගණක සංගමය විසින්ද, ගුරුවරුන් සදහා වන ‘නිර්මාණාත්මක ගුරුවරු’ තරගාවලිය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ද, තරුණ පරිගණක විද්‍යාඥයින්ගේ තරගාවලිය (YCS) ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලය විසින් ද ක්‍රියාවට නංවයි.

    පාසල් මෘදුකාංග තරගාවලියේ පළමු කාණ්ඩය යටතේ 6-11 ශ්‍රේණි සිසුන්ට ද, දෙවැනි කාණ්ඩය යටතේ 12-13 ශ්‍රේණි සිසුන්ට ද අයදුම් කළ හැකි අතර, මෙය මාර්ගගත ලෙස (ONLINE) පැවැත්වෙන තරගයකි. මෙහි දී පරිගණක වැඩසටහන් ගොඩනැංවීමට තරගකරුවන්ට සිදුවන අතර, තරග ඇගයීම් කටයුතු ද මාර්ගගත ක්‍රමයට සිදුකෙරේ.

    ගුරුවරුන් සඳහා වන ‘නිර්මාණාත්මක ගුරුවරු’ තරගය සඳහා රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල ස්ථිර සේවයේ යෙදෙන ගුරුභවතුන්ට මෙන් ම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල සිටින ගුරු සිසුන්ට ද අයදුම් කළ හැකිය.

    තරුණ පරිගණක විද්‍යාඥයින්ගේ තරගාවලිය ප්‍රධාන ක්ෂේත්‍ර දෙකක් යටතේ පාසල් සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක වන අතර, මෙම තරගාවලියෙහි ජයග්‍රාහකයන් වෙත පිළිගත් පෞද්ගලික විශ්වවිද්‍යාල උපාධි සඳහා ශිෂ්‍යාධාර, මැලේසියාවේ පවත්වන ජාත්‍යන්තර APICTA තරගාවලියට හා සම්මන්ත්‍රණයට සහභාගී වීමට අවස්ථාව, INFOTEL ASIA - 2020 ප්‍රදර්ශනයේ තම නිර්මාණ ඉදිරිපත් කිරීමට අවස්ථාව, දේශීය ජනමාධ්‍ය ඔස්සේ සහ ජාත්‍යන්තර වශයෙන් නිර්මාණ එළිදැක්වීමේ අවස්ථාව සහ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සහාය, දැනුම හා දායකත්වය ලබාගැනීමේ අවස්ථාව හිමි වෙයි. මෙම තරගාවලියට අයදුම් කිරීම සඳහා වැඩිදුර විස්තර අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk දරන නිල වෙබ් අඩවියෙන් හෝ 0112785821 දුරකථන මාර්ගය ඔස්සේ ද ලබාගත හැකිය. ‍තරගාවලිය සඳහා ලියාපදිංචි වීමට මෙම වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගත ක්‍රමයට (online) හෝ අධ්‍යාපන අධ්‍යක්ෂ, තොරතුරුහා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල ලිපිනයට තැපැල් මගින් අයදුම් කළ හැකිය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya