මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාමාන්‍ය පරිදි පොදු ප්‍රවාහන සේවය සාර්ථක මට්ටමින්- දුරගමන් සේවා බස් රථ නවත්වන ස්ථාන ප්‍රමිතිගත කිරිමට පියවර

    ජූනි 09, 2020

    සාමාන්‍ය පරිදි පොදු ප්‍රවාහන සේවය 95%ක සාර්ථක මට්ටමින් පැවති බව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (08) පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.

    එසේ වුවද 05% ක පමණ ප්‍රමාණයකට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම භාවිත නොකරමින් ධාවනය යෙදවු ඉස් රථ සදහා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද අමාත්‍යවරයා කීය.

    එසේම අවසාන ටෙන්ඩරයට අනුව ග්‍රාමීය ප්‍රදේශ සදහා ධාවනයට ලබා දීමට මිල දී ගත් බස්රථ 600 කට අමතරව කිසිදු බස්රථයක් ⁣ගෙන්වන්නේ නැති බව කියු ඇමතිවරයා,සියලු පහසුකම් සහිත බස්රථ ගෙන්වීම සදහා පෞද්ගික බස්රථ හිමියන්ට අඩු පොළිය යටතේ ණය ලබාදෙන ලෙස ද යෝජනාවක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ බව පැවසීය.

    එසේ ම (08) සිට ක්‍රියාත්මක වන ප්‍රමුඛතා මංතීරු වැඩසටහන සාර්ථක වුවහොත් එය දිගටම ක්‍රියාත්මක කරන බවද ප්‍රකාශ කළ අමාත්‍යවරයා,ලීසිං හා රක්ෂණ වාරික සම්බන්ධයෙන් ද පෞද්ගලික බස්රථ හිමියන් සදහා රක්ෂණ වාරිකයන් ගෙවීම සඳහා ද සහන කාලය මාස 03ක් දක්වා දීර්ඝ කර තිබෙන බව කීය.

    දුරගමන් සේවාවන්වල යෙදෙන බස් රථ නවත්වන ස්ථාන ප්‍රමිති ගත කිරිමට පියවර ගන්නා බව පැවසු ඇමතිවරයා ,ඒ සඳහා රජ⁣ය මැදිහත් වන බවත්,ප්‍රමිතිය පිළිබදව සොයා බලන බවත් කීය.එසේම මාර්ග තදබදය අඩු කිරිම සදහා කාර්යාල වේලාවන් වෙනස් කිරිමට ද යෝජනාවක් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ බවත් ඒ අනුව පෞද්ගලික අංශයට පෙ.ව 10.00 කාර්යාල ආරම්භ කිරිමට එම යෝජනාවෙ සදහන් වු බවත්,එයට ජනාධිපතිවරයා එකඟ වී ඊට උපදෙස් දුන් බවද පැවසීය.එමෙන්ම පෞද්ගලික බස්රථ හිමියන්ට මාර්ගස්ථ බලපත්‍රය ඇපයට තබා ගෙන ලක්ෂ03 ක අඩු පොළිය මත ණය ලබා දීමට ද ගමනා ගමන කොමිසම එකඟ ව බවද ඇමතිවරයා වැඩිදුරටත් කීය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya