මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පෞද්ගලික බස් ගැටලු ජනපති අවධානයට - ඒකාබද්ධ ධාවන කාල සටහනක් සැකසීමේ වගකීම ප්‍රවාහන අමාත්‍යාංශයට

    ජූනි 08, 2020

     පෞද්ගලික බස් ගැටලු ජනපති අවධානයට ....
     ඒකාබද්ධ ධාවන කාල සටහනක් සැකසීමේ වගකීම ප්‍රවාහන අමාත්‍යාංශයට ...  අනතුරු අඩු කරන ක්‍රම සෙවීම බස් හිමියන්ටම ...  අතරමැදියන්ට කරන ගෙවීම් නතර කිරීමට පියවර ...  පෞද්ගලික බස් රථ සඳහා වෙනම වර්ණයක් ...


    ජනතාවට ගුණාත්මක සේවයක් සපයන අතර, පෞද්ගලික බස් ව්‍යාපාරය ද ක්‍රමවත්ව සැකසෙමින් ඉදිරියට යා යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි.

    බස් රථ ධාවන කාලසටහන පිළිබදව පවතින දිගුකාලීන ගැටලුව පුළුල්ව විමර්ශණය කොට ජාතික ගමනාගමන කොමිෂම, පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ ප්‍රවාහන අමාත්‍යාංශය එක්ව ඒකාබද්ධ ධාවන කාලසටහනක් සකස් කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දෙයි. ඊට අදාළ තොරතුරු නොපමවා සමීක්ෂණය කර ගැටලුව විසදන්නැයි එතුමා පැවසීය.

    පෞද්ගලික බස් රථ හිමියන් මුහුණ පාන ගැටලු සම්බන්ධයෙන් අද (08) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය. දෛනිකව වාර්තාවන රිය අනතුරු සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. දිනකට පුද්ගල මරණ 07ක් පමණ සිදු වන බව පොලීසිය පවසයි. ඉන් බොහොමයකට පෞද්ගලික බස් රථ ද වගකිවයුතු බව පෙනී ගොස් තිබේ. මේ පිළිබඳව දැඩි අවධානය යොමු කර අනතුරු අඩු කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා දැනුම් දුන්නේය.

    විවිධ හේතුන් මත ඇතැම් පිරිස්වලට මුදල් ගෙවීමට පෞද්ගලික බස් රථ හිමියනට සිදුව ඇතැයි බස් රථ සංගම් පෙන්වා දුන්නේය. ඒ පිළිබඳව වැඩිදුර විමසූ ජනාධිපතිතුමා එවැනි ගෙවීම් වහාම නතර කිරීමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට පැවසීය.

    ගමනා ගමන මණ්ඩල බස් රථවලට සේම, පෞද්ගලික සහ පාසල් බස් රථවලට වෙනම වර්ණයන් තිබීමේ වැදගත්කමද ජනාධිපතිතුමා අවධාරණය කළේය. කොවිඩ් 19 මර්දනයට සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් පිළිපදිමින් ආසන සංඛ්‍යාවට පමණක් මගින් සීමාකළයුතු බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය. මගී සංඛ්‍යාව සීමා කිරීමට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවා අරඹන වේලාව සංශෝධනයට ද තීරණය විය.


    ඇඳිරි නීතිය පැවති කාලයේ ධාවනය නොකිරීම නිසා බස් රථවල හටගෙන ඇති දෝෂ අලුත්වැඩියාවට රුපියල් ලක්ෂ 03ක ණයක් සැපයීම ගැන ද සාකච්ඡා කරනු ලැබීය. දුර ගමන් බස් රථ විවේකය සඳහා නතර කරන ආපනශාලාවල පවිත්‍රතාවය පිළිබඳව ද තදින්ම සැලකිලිමත් වන්නැයි එතුමා පැවසීය.

    මගී සුව පහසුවට ප්‍රමුඛත්වය දෙමින් ඉහළ ප්‍රමිතියෙන් යුත් බස් ධාවනයට එක් කිරීමට තීරණය කෙරිණ.
    ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් එල්.පී. ජයම්පති, වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, ගමනාගමන කොමිසමේ සභාපති ශශී වෙල්ගම, පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරීවල ප්‍රධානීහූ, බස් රථ සංගම් නිලධාරීහූ ද සාකච්ඡාවට එක් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya