මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අත්යන්ත්‍ර රෙදිපිළි සහ ඇඟලුම් කර්මාන්තයෙහි නියැලෙන මෙරට ප්‍රමුඛතම ව්‍යවසායකයන් පිරිසක් හමුවෙයි

    ජූනි 08, 2020

    අත්යන්ත්‍ර රෙදිපිළි නිෂ්පාදනයෙහි නියැලෙන සුළු පරිමාණ කර්මාන්තකරුවන්ට රජයේ මැදිහත් වීමෙන් මාසික දීමනාවක් ලබා දීමට සහ මහා පරිමාණයෙන් මෙම කර්මාන්තයෙහි නියැලෙන ව්‍යවසායකයන්ට අමුද්‍රව්‍ය මිලදී ගැනීමට හා කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීමට 4%ට නොවැඩි පොලියකට බැංකු ණය ලබා දීමට අවශ්‍ය පියවර ගැනීමට කටයතු කරන බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

    ඇමතිවරයා මේ බව පැවසුවේ අද (08) ‘සදුදා කර්මාන්තකරුවන්ගේ දිනයේ දී’ තමන් හමු වූ අත්යන්ත්‍ර රෙදිපිළි සහ ඇඟලුම් කර්මාන්තයෙහි නියැලෙන මෙරට ප්‍රමුඛතම ව්‍යවසායකයන් පිරිසක් සමග පැවැති සාකච්ඡාවක දීය.

    කොවිඞ් -19 වසංගතය හේතුවෙන් පැන නැගී ඇති ගැටලු පමණක් නොව එම ක්ෂේත්‍රයෙහි දීර්ඝකාලීනව පවතින ගැටලු ද විසඳීමට කඩිනම් පියවර රැසක් ගන්නා බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා කීය.

    අත්යන්ත්‍ර රෙදිපිළි සහ ඇඟලුම් කර්මාන්තයේ නියැලි ඉහත ව්‍යවසායකයන් පිරිස ඉදිරිපත් කළ ඉල්ලීම් රැසක් කඩිනමින් ඉටුකර දීමට ද මෙහි දී අමාත්‍යවරයා එකඟ වී තිබේ.

    එම කටයුතුවල ප්‍රගතිය විමසා බැලීමට ඉදිරි දිනයක දී පේෂකර්මාන්ත දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, පළාත් පේෂකර්ම බලධාරීන්, රාජ්‍ය හා පෞද්ගලික බැංකු ප්‍රධානීන් ද කැඳවා අමාත්‍යාංශයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද අමාත්‍ය විමල් වීරවංශ මහතා කටයුතු යොදා ඇත.

    ඉහත සාකච්ඡාවට කැන්ඩිග්ස් හෑන්ඞ්ලූම්ස් ආයතනයෙහි කෞෂල යහම්පත්, බෙයාෆුට් ආයතනයෙහි ඩොමිනික් සන්සෝනි, ලා සළු හෑන්ඞ්ලූම් හි ලලන්ත විජේසිංහ යන මහත්වරු ඇතුළු මෙරට ප්‍රධාන පෙළේ අත්යන්ත්‍ර රෙදිපිළි කර්මාන්තකරුවන් පිරිසක් එක්ව සිටියහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya