මැයි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොසොන් පෝය දිනය අදයි

    ජූනි 05, 2020

    ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාව මහත් ශ්‍රද්ධාවෙන් ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන් පවත්වන පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට (05) යෙදී තිබේ.

    ශ්‍රී ලාංකික ජන සමාජය සමාජ,සංස්කෘතික හා ආගමික ,අධ්‍යාත්මික ලෙස සංවර්ධනය කිරීම උදෙසා අද වනි පොසොන් පොහෝ දිනක සිදු වූ ඓතිහාසික සුවිශේෂී සිදු වීම හේතු විය.

    එදා දෙවානම් පියතිස්ස රජ සමයේ සිදූ වූ අසිරිමත් මහින්දාගමනයෙන් අනුරාධපුරය ,මිහින්තලය ආලෝකමත් වූව පමණක් නොව ශ්‍රී ලාංකික ජනසමාජයම ආලෝකමත් විය.

    එවක් පටන් බෞද්ධයො විසින් පොසොන්පුර පෝය දිනය ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවෙන් මිනිදු මහරහතන් වහන්සේ සිහි කෙරෙන අතර, පින් අනුමෝදම් කරමින්, සැදැහැවත් ජනතාව ආමිෂ හා
    ප්‍රතිපත්ති පූජාවේ නිරත වෙයි.

    කෙසේ වෙතත් රටේ උද්ගතව පවතින කොවිඩ් වසංගතය හේතුවෙන් ආගමික ස්ථානවලට ජනතාව රැස් නොවන ලෙස සෞඛ්‍ය බලධාරීන් ඉල්ලීමක් කර තිබේ. සමාජ දුරස්ථභාවය තවදුරටත්
    ආරක්ෂා කරමින් තම නිවාස වල සිට මෙවර පොසොන් පොහෝය දින ආගමික ප්‍රතිපදාවේ නියැලීමට බෞද්ධ ජනතාවට සිදුව තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya