මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොණඩමන් මැතිතුමාගේ සිහිනයක්ව පැවති හැටන් කොටගල විශ්වවිද්‍යාලය ඉදිකර ඔහුගේ අභාවයෙන් වසරක් පිරෙන දින එය විවෘත කරනවා

    මැයි 29, 2020

    ජනවාර්ගික සහයෝගිතාව වර්ධනය වන ලෙස දීර්ඝ කාලයක් තිස්සේ කටයුතු කළ හිටපු අමාත්‍ය ආරුමුගන් තොණඩමන් මැතිතුමාගේ සිහිනයක්ව පැවති හැටන් කොටගල විශ්ව විද්‍යාලය ඉදිකර ඔහුගේ අභාවයෙන් වසරක් පිරෙන දින එය විවෘත කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(28) ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.

    ඉතිහාසයේ ගමන් මග වෙනස් කරමින් නුවරඑළිය දිසිත්‍රික්කයේ දරුවන් සඳහා උසස් අධ්‍යාපනය සඳහා විශ්ව විද්‍යාලයක් ආරම්භ කිරීම එතුමාගේ සිහිනය වුණා. මේ පිළිබඳ අමාත්‍යංශ මට්ටමින් සාකච්ඡා වට කිහිපයක් සිදු කළ බවත් එළඹෙන සතියේ එම කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කරන බවත් බන්දුල ගුණවර්ධන මහතා පැවසීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya