මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සී ෂෙල්ස් හි සිට පුද්ගලයින් මෙරටට පැමිණ ඇත්තේ ප්‍රතිකාර සඳහායි- සමාජ මාධ්‍ය ප්‍රචාර සාවද්‍යයි

    මැයි 28, 2020

    සී ෂෙල්ස් හි සිට පුද්ගලයින් මෙරටට රැගෙන ඒම පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන කරුණු සම්පුර්ණයෙන් ම සාවද්‍ය බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී ප්‍රකාශ කර සිටියේය.

    සී ෂෙල්ස් රාජ්‍ය සහ ශ්‍රී ලංකාව අතර අපනයනය ප්‍රවර්ධන වැඩසටහන ඔස්සේ දීර්ඝ කාලයක සිට එම රටේ රෝගීන් ප්‍රතිකාර ලබා ගැනීම පිණිස ලංකාවේ පෞද්ගලික රෝහල් වෙත පැමිණෙන අතර පැමිණි යැයි සදහන් කරන එම පිරිස, මැයි 23 දා මෙරටට පැමිණියේ මෙරටින් ගෙන්වා ගැනීමකින් නොව ඔවුන්ගේම රටේ විශේෂ එයාර් සී ෂෙල්ස් ගුවන් යානයකින් බවත්, එසේ පැමිණියේ ශ්‍රී ලාංකිකයින් නොව ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි එරට රෝගීන් සහ ඔවුන්ට සහාය වීමට පැමිණි ඥාතින් පමණක් පැමිණි බවත්, කෙසේ වුව ද එලෙස පැමිණි කණ්ඩායම ද දින 14 ක නිරෝධායනයට ලක් කළ බවත් ඒ මහතා මෙහි දී සදහන් කරන ලදී.

    එමෙන්ම, මෙරටට විදේශයන් හි සිට ශ්‍රී ලාංකිකයින් රැගෙන ඒමේ දී ශ්‍රී ලංකා ආණ්ඩුව ඉතා විශාල වගකීමකින් යුතුව කටයුතු කරන අතර විශාල ප්‍රමාණයක් මෙරටට ගෙන ඒමේ දී ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් ලබා දීම ද ඇතුළු සම්පූර්ණ නිරෝධායන ක්‍රියාවලිය නිසි පරිදි කිරීම සාමාන්‍ය පිරිසකට නොහැකි නමුත් යුධ හමුදාව වැනි ශික්ෂණයක් පවතින හොඳ කළමනාකරණයකින් යුතු ව එය ඉතා සාර්ථක ව කරගෙන යාමට ඔවුන්ට හැකි බවත් බන්දුල ගුණවර්ධන මහතා මාධ්‍යවේදියකු විසින් කළ ප්‍රශ්න කිරීමක දී සදහන් කර සිටියේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya