අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වැසි සමග රෝග රැසක් පැතිරයාමේ අවදානමක් - වෛද්‍ය හේමන්ත හේරත්

    මැයි 28, 2020

     

    කාලගුණය අයහපත් වීමත් සමග සෑම වසරක මෙන්ම මෙම වසරේද ලෙඩ රෝග ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින අතර වැසි සමයත් සමග රෝග ගණනාවක් පැතිරයා හැකි යැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ආපදා කළමනාකරණ ඒකකයේ සම්බන්ධීකාරක වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

    පවතින වැසි සහිත කාලගුණයත් සමග ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් පිළිබදව දැනුවත් කිරීම සදහා ඊයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ බව සඳහන් කර ඇත.

    කාලගුණය අයහපත් වීමත් සමග සෑම වසරක මෙන්ම මෙම වසරේද ලෙඩ රෝග ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින අතර වැසි සමයත් සමග රෝග ගණනාවක් පැතිරයා හැකියි. ප්‍රධාන වශයෙන් ශ්වසන රෝග මෙන්ම නිසි ක්‍රියා මාර්ග නොගත හොත් පාචනය, ඩෙංගු, මී උණ, චර්ම රෝග ආදිය පැතිරයාමෙහි වර්ධනයක් සිදු විය හැකියි.

    මෙහිදී වෛද්‍ය හේමන්ත හේරත් මහතා වැඩිදුරටත් පැවසුවේ, අමාත්‍යංශය විසින් ජනතාව දැනුවත් කිරීම දිගටම සිදුකරගෙන යන අතර පවතින කෝවිඩ් වසංගත තත්ත්වත් සමඟ තත්ත්වය සංකීර්ණ වී ඇති බැවින් මෙහිදී ජනතාවගේ සහයෝගය විශාල වශයෙන් අවශ්‍ය වන බවයි

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya